Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 5:1 - Sinhala Revised Old Version

1 තවද ඇතුළත් පිටත් ලියනලද මුද්‍රා සතකින් තදලෙස මුද්‍රාකරනලද පොතක් සිංහාසනයෙහි වැඩඋන්නාවූ තැනන්වහන්සේගේ දකුණතෙහි දුටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 එවිට ඇතුළත හා පිටත ලියන ලද, මුද්‍රා සතකින් මුද්‍රා තැබූ පොතක් සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේගේ දකුණතෙහි තිබෙනු දිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 තවද සිංහාසනයේ හිඳ හුන් තැනැන්වහන්සේගේ දකුණු අතේ, ඇකුළුම් පොතක් තිබෙනු දුටුවෙමි. ඇතුළත හා පිටත ලියන ලද එය මුද්‍රා හතකින් මුද්‍රා තබා තිබිණ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 එවිට ඇතුළත හා පිටත ලියන ලද, මුද්‍රා සතකින් මුද්‍රා තැබූ පොතක් සිංහාසනයෙහි වැඩහුන් තැනැන් වහන්සේගේ දකුණතෙහි තිබෙනු දිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 5:1
16 හුවමාරු යොමු  

දර්ශන සියල්ලද මුද්‍රාකර තිබෙන ලියවිල්ලක වචන මෙන් නුඹලාට වී තිබේ; අකුරු දන්න කෙනෙකුට ඒක දී: මේක කියවන්නැයි කීවාම ඔහු-මුද්‍රකර තිබෙන නිසා මට කියවන්ට බැරියයි කියන්නේය


ඒ බැටළු පැටවාණෝ ඇවිත් සිංහාසනයෙහි වැඩඋන්නාවූ තැනන්වහන්සේගේ දකුණතින් පොත ගත්සේක.


ඔහුගේ අතේ දිගහරිනලද කුඩා පොතක් තිබුණේය. ඔහු තමාගේ දකුණු පය මුහුද පිටද වම් පය ගොඩබිම පිටද තබා,


තවද බැටළුපැටවාණන් මුද්‍රා සතෙන් එකක් කැඩූ කල, මම බැලුවෙමි, ජීවමාන සත්වයන් සතරදෙනාගෙන් එක්කෙනෙක් ගර්ජනා ශබ්දයකින් මෙන් කථාකොට: එන්නැයි කියනවා ඇසීමි.


තවද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් පොළොවෙන් යට සහ මුහුද පිටත් ඇත්තාවූ සියලු මැවිලි වන එහි ඇති සියල්ලෝ: සිංහාසනයෙහි වැඩඉන්න තැනන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් ප්‍රංශසාවද ගෞරවයද මහිමයද පරාක්‍රමයද සදාකාලේටම වේවයි කියනවා ඇසීමි.


එහි වැඩහුන් තැනන්වහන්සේ පෙනීමෙන් සූර්යකාන්ති සහ ලෝහිතංක මැණික්වලට සමානව සිටිසේක. සිංහාසනය අවට මරකතයට සමානව පෙනෙන දේදුන්නක් තිබුණේය.


නුඹ සාක්ෂිය බැඳ, ව්‍යවස්ථාව මුද්‍රාකර, මාගේ ගෝලයන් අතරේ තබන්නැයි කීසේක.


මෙසේ කියනලද සවසෙත් උදයෙත් දර්ශනය සැබෑය. එහෙත් නුඹ දර්ශනය වසා තබන්න; මක්නිසාද ඊට බොහෝ දවස් යනවා ඇතැයි කීවේය.


ස්වාමීන්වහන්සේගේ පොතෙන් සොයා කියවන්න. මුන්ගෙන් එකෙක්වත් අඩු නොවන්නේය, එකෙකුට එකෙක් සම්බ නොවී නොයන්නේය. මක්නිසාද එය අණකෙළේ උන්වහන්සේගේ මුඛයය, උන් රැස්කළෙත් උන්වහන්සේගේ ආත්මයය.


නැවත මම මාගේ ඇස් ඔසවා බැලීමි, එවිට අකුළන පොතක් ඉගිලයනවා දුටිමි.


ඒ ජීවමාන සත්වයන් සිංහාසනයෙහි වැඩහිඳින්නාවූ, සදාකල්ම ජීවත්වන්නාවූ තැනන්වහන්සේට ප්‍රශංසාවද ගෞරවයද ස්තුතියද දෙන කල,


ඔව්හු කඳුවලටත් පර්වතවලටත් කථාකොට: අප පිට වැටී, සිංහාසනයෙහි වැඩඉන්න තැනන්වහන්සේගේ මුහුණ ඉදිරියෙනුත් බැටළු පැටවාණන්ගේ උදහසිනුත් අප සඟවාගන්න.


උන්වහන්සේ සත්වෙනි මුද්‍රාව කැඩූ කල පැය බාගයක් පමණ ස්වර්ගයෙහි නිශ්ශබ්දයක් විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්