Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 21:25 - Sinhala Revised Old Version

25 එහි දොරටු දවාලේ කිසිසේත් වසනු නොලබන්නේය. මක්නිසාද එහි රාත්‍රියක් නොවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 එහි දොරටු දවාලේ විවෘතව ඇත. ඒවා කිසිසේත් වසනු නොලබන්නේ ය; මන්ද, එහි රාත්‍රියක් නොවන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

25 එහි දොරටු දහවලේ කිසි දින වසනු නො ලැබේ. මන්ද එහි රාත්‍රියක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 එහි දොරටු දවාලේ විවෘතව ඇත. ඒවා කිසිසේත් වසනු නොලබන්නේ ය; මන්ද, එහි රාත්‍රියක් නොවන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 21:25
7 හුවමාරු යොමු  

ජාතීන්ගේ වස්තු නුඹ ළඟට ගෙනෙන පිණිසද ඔවුන්ගේ රජුන් පෙරටුව එන පිණිසද නුඹේ දොරටු රෑ දාවල් නොවසා නිතරම ඇරී තිබේ.


එහි රාත්‍රියක් තවත් නොවන්නේය. පහන් ආලෝකයවත් සූර්යාලෝකයවත් ඔවුන්ට ඕනෑ නැත; මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ ඔවුන්ට ආලෝකය දෙනසේක. ඔව්හු සදාකාලේටම රජකම්කරන්නෝය.


එහෙත් දවල් සහ රෑ නොවී, සවස් වේලාවට එළිය ඇත්තාවූ, ස්වාමීන්වහන්සේ දන්නාවූ එක්තරා දවසක් පැමිණෙන්නේය.


නුඹේ ඉර තවත් බැසයන්නේවත්, නුඹේ සඳ පහව යන්නේවත් නැත. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹේ සදාකාල එළිය වනසේක, නුඹේ වැලපීමේ දවස් කෙළවරවන්නේය.


දෙවියන්වහන්සේගේ තේජසින් නුවර ආලෝකවූ බැවින්ද බැටළුපැටවාණන් එහි පහන වන බැවින්ද එහි බැබළීමට සූර්යයාවත් චන්ද්‍රයාවත් ඕනෑ නැත.


මහත්වූ උස්වූ පවුරක්ද දොරටු දොළොසක්ද ඊට තිබුණේය, දොරටු ළඟ දේවදූතයෝ දොළොස් දෙනෙක් සිටියෝය; ඒ පිට නාම ලියා තිබුණේය, ඒ නාම වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ දොළොස් ගෝත්‍රයන්ගේ නාමවල්ය.


මා සමඟ කථාකළ තැනැත්තාට නුවරද එහි දොරටුද එහි පවුරද මනින පිණිස මිම්මක් කොට රන් දණ්ඩක් තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්