Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 21:16 - Sinhala Revised Old Version

16 නුවර සතරැස්ව පිහිටා තිබේ, එහි දිගද පළලේ ප්‍රමාණයට තිබේ. ඔහු දණ්ඩෙන් නුවර මැන්නේය. එය පර්ලොං දොළොස් දහසක්ය. එහි දිගත් පළලත් උසත් එක සමානය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 මේ නගරය සම චතුරශ්‍රයකි. එහි දිගත්, පළලත් එක සමාන ය. ඔහු දණ්ඩෙන් නුවර මැන්නේ ය. එය කිලෝමීටර් දෙ දහස් හාර සියයක් ය. එහි දිග, පළල හා උස එක සමාන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

16 පුරවරය සම චතුරශ්‍රයකි. එහි දිග හා පළල එක සමාන ය. ඔහු මිනුම් දණ්ඩෙන් පුරවරය මැන්නේ ය, එය පර්ලොං දොළොස් දහසකි. එය දිගින්, පළලින් හා උසින් එක සමාන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 මේ නගරය සම චතුරශ්‍රයකි. එහි දිගත්, පළලත් එක සමාන ය. ඔහු දණ්ඩෙන් නුවර මැන්නේ ය. එය කිලෝමීටර් දෙ දහස් හාර සියයක් ය. එහි දිග, පළල හා උස එක සමාන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 21:16
6 හුවමාරු යොමු  

වටකර දහඅට දහසක්ය. ඒ දවසේ පටන් නුවර නාමය යෙහෝවා-ෂාමා වන්නේයයි කීසේක.


ඔහු ඒකේ සතර පැත්තම මැන්නේය. ශුද්ධ ස්ථානය පොදු ස්ථානයෙන් වෙන්කරන පිණිස දඬු පන්සියයක් දිග අතටත් පන්සියයක් පළල අතටත් ඇති පවුරක් ඒක වටකරින්ම තිබුණේය.


මා සමඟ කථාකළ තැනැත්තාට නුවරද එහි දොරටුද එහි පවුරද මනින පිණිස මිම්මක් කොට රන් දණ්ඩක් තිබුණේය.


ඔහු එහි පවුර මැන්නේය, ඒක මිනිහෙකුගේ එනම් දේවදූතයෙකුගේ මිම්මෙන් එකසිය හතළිස්හතර රියනක්ය.


ඔහු මාළිගාවට ඉදිරිපිටින් ඒකේ දිගට රියන් විස්සක්ද පළලට රියන් විස්සක්ද මැන: මෙය අති ශුද්ධස්ථානයයයි මට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්