Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 20:8 - Sinhala Revised Old Version

8 පොළොවේ සතර කොනේ සිටින්නාවූ ගොග් මාගොග් යන ජාතීන් මුළාකරන්ටත් ඔවුන් යුද්ධයට රැස්කරන්ටත් නික්ම එන්නේය. ඔවුන්ගේ ගණන මුහුදේ වැලි මෙන්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 පොළොවේ සතර දිශාවේ සිටින ගොග් සහ මාගොග් යන ජාතීන් මුළා කරනු පිණිස ද ඔවුන් යුද්ධයට රැස් කරනු පිණිස ද නික්ම එන්නේ ය. ඒ ජාතීන්ගේ ගණන මුහුදේ වැලි මෙන් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 පොළොවේ සතර කොනේ සිටින, ගොග් හා මාගොග් ජාතීන් මුළා කර, ඔවුන් යුද්ධයට රැස් කරන පිණිස පිටත්ව යනු ඇත. ඔවුහු ගණනින් මුහුදු වෙරළේ වැලි හා සම වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 පොළොවේ සතර දිශාවේ සිටින ගොග් සහ මාගොග් යන ජාතීන් මුළා කරනු පිණිස ද ඔවුන් යුද්ධයට රැස් කරනු පිණිස ද නික්ම එන්නේ ය. ඒ ජාතීන්ගේ ගණන මුහුදේ වැලි මෙන් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 20:8
17 හුවමාරු යොමු  

මක්නිසාද ඔව්හු සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේගේ මහත් දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජුන් රැස්කරන පිණිස, ඔවුන් ළඟට යන්නාවූ, හාස්කම් කරන්නාවූ යක්ෂයින්ගේ ආත්මයෝය. (බලව, මම සොරෙකුමෙන් එමි.


ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


ඔවුන් මුළාකළ යක්ෂයා වනාහි, මෘගයාද බොරු අනාගතවක්තෘද වසන, ගින්නෙන්ද ගෙන්දගමින්ද යුත් විලට හෙළනු ලැබුවේය; ඔව්හු සදාකාලේටම දිවා රෑ දෙක්හි වධකරනු ලබති.


ඒ අවුරුදු දහස කෙළවරවන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස ඔහු පාතාලයට හෙළා, ඒක වසා, ඔහු මතුයෙහි ඒක මුද්‍රාකෙළේය. මින්පසු ස්වල්ප කලකට ඔහු මුදනු ලබන්ට ඕනෑය.


එහෙයින් මළ කෙනෙකු වැනි එක තැනැත්තෙකුගෙන් පවා ගණනින් අහසේ තාරකා මෙන්ද ගණන්කළ නොහැකි මුහුදු වෙරෙළ් වැලි මෙන්ද වූ සමූහයක් හටගත්තේය.


අහස් සේනාව ගණන්කරන්ටවත් මුහුදු වැලි මනින්ටවත් බැරුවාක්මෙන් මාගේ මෙහෙකරුවාවූ දාවිත්ගේ වංශයද මට සේවයකරන ලෙවීවරුන්ද වැඩිකරන්නෙමියි කීය.


මක්නිසාද, ඉශ්‍රායෙල්, නුඹේ සෙනඟ මුහුදේ වැලි මෙන් වුණත්, ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙක් පමණක් හැරී එනවා ඇත. දිව්‍ය සාධාරණකම හොඳ හැටි දක්වන්නාවූ නාස්තියක් නියමකර තිබේ.


පිලිස්තිවරු ඉශ්‍රායෙල් සමඟ යුද්ධකරන පිණිස රථ තිස්දාහක්ද අසරුවන් හයදහසක්ද ගණනින් මුහුදු වෙරෙළ් වැලිමෙන් වූ සෙනඟක්ද ඇතුව රැස්වී ඇවිත් බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝය.


මිදියන්වරුද අමලෙක්වරුද පූර්ව දිශාවේ සියලු වැසියෝද ගණනින් පළඟැටියන් මෙන් මිටියාවතේ පැතිර සිටියෝය; ඔවුන්ගේ ඔටුවෝද ගණනාවක් නැතුව මුහුදු වෙරෙළ් වැලිමෙන් බොහෝව සිටියෝය.


යූදාවරු ද ඉශ්‍රායෙල්වරු මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් අධිකව සිටියෝය, ඔව්හු කමින් බොමින් ප්‍රීතිවෙමින් පසුවූහ.


මනුෂ්‍ය පුත්‍රය, ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් දේශය ගැන මෙසේ කියනසේක–තීන්දුවක්, එනම් දේශයේ සතර කොනට තීන්දුවක් පැමිණ තිබේ.


මනුෂ්‍ය පුත්‍රය, රොෂ්හිද මෙෂෙක්හිද තූබල්හිද අධිපතියා වන මාගොග් දේශයේ ගොග්ට විරුද්ධව නුඹේ මුහුණ හරවාගන, ඔහුට විරුද්ධව අනාගතවාක්‍ය කියමින්:


තවද මනුෂ්‍ය පුත්‍රය, නුඹ ගොග්ට විරුද්ධව අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න. බලව, රොෂ්හිද මෙෂෙක්හිද තූබල්හිද අධිපතියා වන ගොග්, මම නුඹට විරුද්ධවෙමි.


මම මාගොග් පිටටත් ද්වීපවල නිසැකව වාසයකරන්නන් පිටටත් ගින්නක් යවන්නෙමි. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.


ඉන්පසු ගොඩටවත් මුහුදටවත් කිසි ගහකටවත් හුළඟ නොවදින පිණිස දේවදූතයන් සතර දෙනෙක් පොළොවේ සතරදිග හුළඟ අල්ලාගන පොළොවේ සතර කොනේ සිටිනවා දුටිමි.


මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය, සාතන්යයි කියනලද මහා සර්පයා නමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය; ඔහු පොළොවට හෙළනු ලැබුවේය. ඔහුගේ දූතයෝද ඔහු සමඟ හෙළනු ලැබුවෝය.


මම ගොස් ඔහුගේ සියලු ප්‍රොපේතවරුන්ගේ මුඛවල බොරුකාර ආත්මයක්වෙමියි ඔහු කීවේය. උන්වහන්සේද: නුඹ ගොස් ඔහු පොළඹවා සඵලවන්නෙහිය. ගොස් එසේ කරන්නැයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්