Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 2:22 - Sinhala Revised Old Version

22 බලව, ඈ යහනකට හෙළමි, ඈ සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෝ ඇගේ ක්‍රියා ගැන පශ්චාත්තාප නොවෙත් නම්, ඔවුන්ද මහත් පීඩාවකට හෙළමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එබැවින් මම ඇය දුක් යහනක හෙළා, ඇය සමඟ කාමමිථ්‍යාචාරය කරන්නන් පසුතැවී සිත් හරවා නොගතහොත්, ඔවුන් ද ඇය සමඟ දරුණු පීඩාවකට පත් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

22 එබැවින්, විඳවීමේ යහනක මම ඇය හෙළා දමන්නෙමි. ඇය හා පරදාර සේවනයේ යෙදෙන්නන් ඇගේ මාර්ග ගැන පසුතැවිලි නො වේ නම්, ඔවුන් ද ඇය හා දරුණු පීඩාවකට පත් කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එබැවින් මම ඇය දුක් යහනක හෙළා, ඇය සමඟ කාමමිථ්‍යාචාරය කරන්නන් පසුතැවී සිත් හරවා නොගතහොත්, ඔවුන් ද ඇය සමඟ දරුණු පීඩාවකට පත් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 2:22
16 හුවමාරු යොමු  

පොළොවේ රජවරු ඈ සමඟ වේශ්‍යාකම්කළෝය, පොළොවේ වැසියෝද ඇගේ වේශ්‍යාකම් නමැති මුද්‍රිකපානයෙන් මත්වුණෝයයි කීවෝය.


එසේ නොවේයයි නුඹලාට කියමි. නුඹලා පසුතැවිලි නූණොත්, නුඹලා සියල්ලෝම එසේම විනාශවන්නෝයයි කීසේක.


මා විසින් යූදා වංශයට කරන්ට අදහස්කරන මුළු විපත්තිය ගැන සමහරවිට ඔවුන් අසා, මා විසින් ඔවුන්ගේ අයුතුකමත් පාපයත් කමා කරන පිණිස එක එකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරෙනවා ඇතැයි කීය.


ඈ සමඟ වේශ්‍යාකම්කොට සැපජීවිකාවෙන් විසූ පොළොවේ රජවරු ඇගේ දැවීමේ දුම දකින කල, ඇගේ වේදනාවට භයින් දුරින් සිට:


මක්නිසාද සියලු ජාතීහු ඇගේ වේශ්‍යාකමේ උදහස නමැති මුද්‍රිකපානය බී වැටුණෝය; පොළොවේ රජවරු ඈ සමඟ වේශ්‍යාකම්කළෝය, පොළොවේ වෙළෙන්දෝ ඇගේ සැපජීවිකාවේ අධිකකමෙන් ධනවත් වූවෝයයි කීවේය.


එසේ නොවේයයි නුඹලාට කියමි. පසුතැවිලි නූණොත් නුඹලා සියල්ලෝම එසේම විනාශවන්නෝය.


ඔවුන් වෛරයෙන් නුඹ සමඟ ක්‍රියාකොට, නුඹේ වැඩේ ඵල සියල්ල හැරගෙන, නුඹ නග්නකොට හිස්කර යනවා ඇත. නුඹේ වේශ්‍යාකම්වල නග්නකමද නුඹේ සල්ලාලකමද වේශ්‍යාකම්ද ප්‍රකාශවන්නේය.


මා විසින් ඈ ගැන නියමකළ සියල්ල ලෙස ඇගේ වාසස්ථානය සිඳදමනු නොලබන පිණිස: නුඹ මා කෙරෙහිම භයවී අවවාදය පිළිගන්නෙහියයි කීවෙමි. එහෙත් ඔව්හු අලුයම නැගිට තමුන්ගේ සියලු ක්‍රියාවල් දූෂ්‍යකළෝය.


මා ජීවමාන බව සැබෑවා සේම, දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත්වෙනවාට මිස, දුෂ්ටයා නසිනවාට මම ප්‍රසන්න නොවෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. ඉශ්‍රායෙල් වංශය හැරෙන්න, නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරෙන්න; නුඹලා නසින්නේ මක්නිසාදැයි ඔවුන්ට කියන්න.


මා නැවත ආකල මාගේ දෙවියන්වහන්සේ නුඹලා ඉදිරියෙහි මා යටත්කරනසේකැයි කියාද, මේ දක්වා පව්කොට තමුන් කළ අපිරිසුකමද වේශ්‍යාකමද සල්ලාලකමද ගැන පසුතැවිලි නුවූ බොහෝදෙනා උදෙසා මට වැලපෙන්ට වේදෝ කියාද භයවෙමි.


එබැවින් නුඹ වැටී සිටින්නේ කොතැනින්දැයි සිහිකොට, පශ්චාත්තාපව, පළමු ක්‍රියාවන් කරන්න; නැතහොත් මම නුඹ ළඟට ඇවිත්, නුඹ පශ්චාත්තාප නොවෙනවා නම්, නුඹේ පහන් රුක ස්වකීය ස්ථානයෙන් අහක්කරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්