Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 19:14 - Sinhala Revised Old Version

14 ස්වර්ගයෙහි සිටින සේනාවෝ සුදුවූ පවිත්‍ර සිහින් වස්ත්‍ර හැඳ, සුදු අශ්වයන් පිටින් උන්වහන්සේ පස්සේ ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ස්වර්ගීක යුද්ධ සේනාවෝ සුදු, සිනිඳු, පිවිතුරු වස්ත්‍ර හැඳ, සුදු අශ්වයන් පිට උන් වහන්සේ පසුපස්සේ ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 පවිත්‍ර, සුදු සිහින් හණ පිළියෙන් සැරසුණු ස්වර්ගීය හමුදාවෝ සුදු අසුන් පිට නැගී උන්වහන්සේ අනුව ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ස්වර්ගීක යුද්ධ සේනාවෝ සුදු, සිනිඳු, පිවිතුරු වස්ත්‍ර හැඳ, සුදු අශ්වයන් පිට උන් වහන්සේ පසුපස්සේ ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 19:14
18 හුවමාරු යොමු  

දීප්තිමත්වූ පවිත්‍රවූ සිහින් වස්ත්‍රයෙන් පැළඳෙන්ට ඈට ලැබුණේය. සිහින් වස්ත්‍ර නම් ශුද්ධවන්තයින්ගේ ධර්මිෂ්ඨ ක්‍රියාය.


ආදම් පටන් සත්වෙනියාවූ ඒනොක් මොවුන් ගැනත් අනාගතවාක්‍ය කියමින්: බලව, සියල්ලන් කෙරෙහි යුක්තිය ඉෂ්ටකරන්ටද, සියලු අභක්තීන් විසින් අභක්තිවන්තලෙස කළාවූ ඔවුන්ගේ සියලු අභක්තික ක්‍රියා ගැනත්,


ඉන්පසු සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනඟගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක් සුදු සළු පැළඳ, තමුන්ගේ අත්වල තාලපත්‍ර ඇතුව, සිංහාසනය ඉදිරියෙහිත් බැටළුපැටවාණන් ඉදිරියෙහිත් සිටිනවා දුටිමි;


මොව්හු බැටළුපැටවාණන්ට විරුද්ධව යුද්ධකරන්නෝය, බැටළුපැටවාණෝ ඔවුන් පරාජයකරනසේක, මක්නිසාද උන්වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රජවරුන්ගේ රජ්ජුරුවෝය; උන්වහන්සේ සමඟ සිටින්නෝද කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝයයි කීවේය.


ඔහුගේ පෙනීම විදුලිය මෙන් වූය, ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදුව තිබුණේය.


එවිට ස්වර්ගය ඇරී තිබෙනවා දුටුමි; බලව, සුදු අශ්වයෙක් සිටියේය. විශ්වාසය, සැබෑයයි කියනු ලැබූ තැනන්වහන්සේ ඌ පිට වැඩහුන්සේක; උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චයත් යුද්ධයත් කරනසේක.


ඒ සිංහාසනය වටේට සිංහාසන විසිහතරක් තිබුණේය. ඒ සිංහාසන මත්තෙහි වැඩිමහල්ලන් විසිහතර දෙනෙක් සුදු වස්ත්‍ර පැළඳ, තමුන්ගේ හිස් මතුයෙහි රන් ඔටුනු ඇතුව, වාඩිවී හිඳිනවා දුටිමි.


එහෙත් තමුන්ගේ වස්ත්‍ර කිලුටුකර නොගත් ස්වල්ප දෙනෙක් සර්දිස්හි නුඹට සිටිති. ඔවුන් වටින්නන් නිසා සුදු ඇඳුමෙන් මා සමඟ ඇවිදිනවා ඇත.


නුඹලාද මාගේ කඳුවල මිටියාවතින් පලායනවා ඇත; මක්නිසාද කඳුවල මිටියාවත ආශෙල් දක්වා වන්නේය. එසේ යූදාහි රජවූ උස්සියාගේ දවස්වලදී නුඹලා පොළෝකම්පාව ඉදිරියෙන් පලාගියාක්මෙන් නුඹලා පලායනවා ඇත. මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේද ඔබ සමග සියලු ශුද්ධවන්තයන්ද එනවා ඇත.


නුවරින් පිටත මිදිපැස පාගනලද්දේය, එවිට පර්ලොං එක්දහස් හසියයක් පමණ දුර අශ්වයන්ගේ කටකලියා දක්වා මිදිපැසෙන් ලේ පිටවුණේය.


තවද බැටළුපැටවාණන්ද උන්වහන්සේ සමඟ එක්ලක්ෂක් සතළිස් සාරදහස් දෙනෙක්ද සියොන් කන්දේ සිටිනවා දුටිමි, උන්වහන්සේගේ නාමයද උන්වහන්සේගේ පියාණන්ගේ නාමයද ඔවුන්ගේ නළල්වල ලියා තිබුණේය.


දෙවියන්වහන්සේ නාඳුනන්නන්ටත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙන කල,


දේවදූතයන් ලෙගියොන් දොළොසකට වඩා මා ළඟට මේ දැන් එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්ට මට බැරියයි නුඹ සිතනවාද?


දෙවියන්වහන්සේගේ රථ විසිදහසක්ය, දහස්වර දහස් ගණන්ය. ස්වාමීන්වහන්සේ සීනයිහි මෙන්, ශුද්ධස්ථානයෙහි, ඒවා මැද වනසේක.


ඈ ඇතිරිළි සාදාගන්නීය; ඇගේ ඇඳුම් සිහින් හණ රෙදිවලින්ද රත්නිල් රෙදිවලින්ද සාදා තිබේ.


අනාගතවක්තෘහු කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.


අත් කැඩපත්ද සිහින් හණරෙදිද තලප්පාද ඇඟ වැසුම්ද පහකරදමනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්