Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 12:14 - Sinhala Revised Old Version

14 සර්පයා ඉදිරියෙන් වනයෙහි ඇගේ ස්ථානයට ඉගිලී යන පිණිස මහත් රාජාලියෙකුගේ පියාපත් දෙක ඈට දෙනලද්දේය; එහි කාලයටත් කාලවලටත් කාල භාගයකටත් ඈ පෝෂණයකරනු ලබන්නීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 එහෙත් මරුකතරෙහි ඇගේ රක්ෂස්ථානයට සර්පයා වෙතින් පියාඹා යන පිණිස මහා රාජාලියෙකුගේ පියාපත් දෙක ඇයට දෙන ලදි. එහි කාලයක් ද කාල දෙකක් ද අර්ධ කාලයක් ද ඈ පෝෂණය කරනු ලබයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 පාළුකරයේ ඇයගේ ස්ථානයට සර්පයා වෙතින් පියඹා යා හැකි වන පිණිස, මහා රාජාලියාගේ පියාපත් දෙක ස්ත්‍රියට දෙනු ලැබී ය. එහිදී කාලයකටත්, කාලවලටත්, අඩ කාලයකටත් ඕ නඩත්තු කරනු ලබන්නී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එහෙත් මරුකතරෙහි ඇගේ රක්ෂස්ථානයට සර්පයා වෙතින් පියාඹා යන පිණිස මහා රාජාලියෙකුගේ පියාපත් දෙක ඇයට දෙන ලදි. එහි කාලයක් ද කාල දෙකක් ද අර්ධ කාලයක් ද ඈ පෝෂණය කරනු ලබයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 12:14
10 හුවමාරු යොමු  

මා විසින් මිසරවරුන්ට කළ දෙයද නුඹලා රාජාලීන්ගේ පියාපත් පිට උසුලා මා වෙතට ගෙනා බවද නුඹලා දුටුවහුය.


නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.


ස්ත්‍රීද කාන්තාරයට පලාගියාය, එක්දහස් දෙසිය සැට දවසක් ඈ පෝෂණයකරන පිණිස දෙවියන්වහන්සේ විසින් පිළියෙළකරනලද ස්ථානයක් ඈට එහි තිබුණේය.


එවිට හණ රෙදි ඇඳගන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයා තමාගේ දකුණතද වමතද අහස දෙසට ඔසවා, සදාකාලයටම ජීවත්වන තැනන්වහන්සේ ගැන දිවුරා: කාලයකටත් කාලවලටත් කාල භාගයකටත් එය පවතිනවා ඇත; ශුද්ධවන්ත සෙනඟගේ බලය විසිරවීම තීන්දුකළාම මේ සියල්ල තීන්දුවන්නේයයි කියනවා ඇසීමි.


ඔහු මහෝත්තමයාණන්ට විරුද්ධව කාරණා කියන්නේය, මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්ට පීඩාකරන්නේය. ඔහු කාලවල්ද ව්‍යවස්ථාවද වෙනස්කරන්ට සිතන්නේය; කාලයකටද කාලවලටද කාල භාගයකටද ඔව්හු ඔහු අතට භාරදෙනු ලබන්නෝය.


මමද කථාකොට: අනේ මට කොබොයියෙකුට මෙන් පියාපත් ඇත්නම්! එවිට ඉගිලී ගොස් නිශ්චලව සිටින්නෙමි.


ඔහු ආත්මයාණන්ගේ ආනුභාවයෙන් කාන්තාරයකට මා ගෙනගියේය. එවිට දේව අපහාස නාමවලින් පිරී සිටියාවූ හිස් සතක් හා අං දසයක් ඇත්තාව රතුපාට මෘගයෙකු පිට ස්ත්‍රියෙක් වාඩිවී ඉන්නවා දුටිමි.


ඔහුද: රෑ දාවල් දෙදාස් තුන්සියයක් පසුවන තුරුය; එකල ශුද්ධස්ථානය පවිත්‍රකරනු ලබන්නේයයි මට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්