Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එළිදරව් 10:8 - Sinhala Revised Old Version

8 ස්වර්ගයෙන් මට ඇසුණු හඬ නැවතත් මා සමඟ කථාකරමින්: නුඹ ගොස්, මුහුද පිටත් ගොඩබිමෙහිත් සිටින දේවදූතයාගේ අතේ දිග ඇරලා තිබෙන පොත අරගන්නැයි මට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ස්වර්ගයෙන් ඇසුණු හඬ නැවතත් මට කතා කරමින්, “ඔබ ගොස් මුහුද පිට ද ගොඩබිම ද සිටින දේව දූතයාගේ අතේ දිගහැර තිබෙන පොත ගන්නැ”යි මට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

8 එවිට, ස්වර්ගයේ සිට මා අමතනු මා අසා තිබූ කටහඬ යළිත් මා අමතමින්, “යන්න; මුහුදත්, ගොඩ බිමත් මත සිටගෙන සිටින දේව දූතයා අතේ දිග ඇර ඇති ඇකුළුම් පොත ගන්නැ” යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ස්වර්ගයෙන් ඇසුණු හඬ නැවතත් මට කතා කරමින්, “ඔබ ගොස් මුහුද පිට ද ගොඩබිම ද සිටින දේව දූතයාගේ අතේ දිගහැර තිබෙන පොත ගන්නැ”යි මට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 10:8
4 හුවමාරු යොමු  

නුඹලා දකුණට හැරෙන විටද නුඹලා වමට හැරෙන විටද: මාර්ගය මේය, මෙහි හැසිරෙන්නැයි නුඹට පස්සෙන් කියන හඬක් නුඹේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත.


මා බැලූ කල මා දෙසට අතක් දිගුකර තිබෙනවා දුටිමි; බලව, අකුළන පොතක් එහි තිබුණේය;


ඔහුගේ අතේ දිගහරිනලද කුඩා පොතක් තිබුණේය. ඔහු තමාගේ දකුණු පය මුහුද පිටද වම් පය ගොඩබිම පිටද තබා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්