Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 10:10 - Sinhala Revised Old Version

10 එවිට මම දේවදූතයා අතින් කුඩා පොත රැගෙන කෑවෙමි; ඒක මාගේ කටේ මීපැණි ලෙස මිහිරිව තිබුණේය. ඒක කෑ පසු මාගේ බඩ තික්ත විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 මම ද දේව දූතයා අතින් කුඩා පොත රැගෙන කෑවෙමි. එය මගේ කටේ මීපැණි ලෙස මිහිරි ව තිබුණේ ය. එය කෑ පසු මාගේ ආමාශය තික්ත විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 දේව දූතයා අතින් මම ඒ පොත ගෙන කෑවෙමි. එය මා මුවෙහි මී පැණි සේ මිහිරි විය. එහෙත් මා එය කා නිම වූ කල මගේ බඩ තිත්ත විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 මම ද දේව දූතයා අතින් කුඩා පොත රැගෙන කෑවෙමි. එය මගේ කටේ මීපැණි ලෙස මිහිරි ව තිබුණේ ය. එය කෑ පසු මාගේ ආමාශය තික්ත විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 10:10
9 හුවමාරු යොමු  

තවද: මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට දෙන මේ පොත නුඹ කා, නුඹේ බඩ පුරවා ගන්නැයි උන්වහන්සේ මට කීසේක. මම කෑවෙමි; එය මාගේ කටට මීපැණි මෙන් මිහිරිව තිබුණේය,


ප්‍රිය වචන මීවදයක් මෙන් ආත්මයට මිහිරිය, ඇටවලට සැපදායකය.


ඔබගේ වචන මාගේ දිවට කොපමණ මිහිරිද! එසේය, ඒවා මාගේ කටට මීපැණිවලට වඩා මිහිරිය.


මාගේ භාවනාව උන්වහන්සේට මිහිරි වේවා. මම ස්වාමීන් කෙරෙහි ප්‍රීතිවන්නෙමි.


ස්වර්ණයටත්, එසේය අනර්ඝ ස්වර්ණ රාශියකටත් වඩා ඊට ආශාවිය යුතුය. මීපැණියටත් මීවදයටත් වඩා මිහිරිය.


මෙලෙස ආත්මය මා ඔසවා, මා ගෙනගියේය. මමද මාගේ ආත්මයෙහි උදහසිනුත් තද දුකිනුත් යුක්තව ගියෙමි, ස්වාමීන්වහන්සේගේ අතද මා කෙරෙහි බලවත්ව තිබුණේය.


උන්වහන්සේ ඒක මා ඉදිරියේ දිග හැරියසේක; එහි ඇතුළත් පිටත් ලියා තිබුණේය.


මමද දේවදූතයා වෙතට ගොස්: කුඩා පොත මට දෙන්ට කීවෙමි. ඔහුද: ඒක අරගන කන්න, ඒක නුඹේ බඩ තික්ත කරන්නේ, එහෙත් ඒක නුඹේ කටේ මීපැණි ලෙස මිහිරිවන්නේයයි මට කීවේය.


තවද: නුඹ බොහෝ සෙනඟද ජාතීන්ද භාෂාවන්ද රජුන්ද කෙරෙහි නැවතත් අනාගතවාක්‍ය කියන්ට ඕනෑයයි මට කියනලද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්