Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 9:10 - Sinhala Revised Old Version

10 එබැවින් අපේ දෙවියන්වහන්ස, මෙසේ වූ කල්හි අපි කුමක් කියමුද? මක්නිසාද ඔබගේ මෙහෙකරුවන්වූ ප්‍රොපේතවරුන් ලවා ඔබ අණකෙරෙවු ඔබගේ ආඥාවන් අපි අත්ඇරියෙමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 “ ‘එබැවින් අපේ දෙවියන් වහන්ස, මේ සියල්ලට පසු අපි කුමක් කියමු ද? මන්ද, ඔබේ මෙහෙකරුවන් වූ දිවැසිවරුන් මඟින් ඔබ අණ කරවන ලද ඔබේ ආඥාවන් අපි කඩ කෙළෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 “ ‘එබැවින් අපේ දෙවියන් වහන්ස, මේ සියල්ලට පසු අපි කුමක් කියමු ද? මන්ද, ඔබේ මෙහෙකරුවන් වූ දිවැසිවරුන් මඟින් ඔබ අණ කරවන ලද ඔබේ ආඥාවන් අපි කඩ කෙළෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 9:10
10 හුවමාරු යොමු  

ඉඳින් ව්‍යවස්ථාවෙහි කියනලද සියල්ලම ව්‍යවස්ථාව යටතෙහි සිටින්නන්ට කියනලද බව අපි දනිමුව. එසේ වන්නේ සියල්ලන්ගේ කටවල් පියවනු ලබන පිණිසත්, මුළු ලෝකයා දෙවියන්වහන්සේගේ විනිශ්චයට යටත්කරනු ලබන පිණිසත්ය.


අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය.


අහෝ, ස්වාමීන්වහන්ස, ඉශ්‍රායෙල්වරුන් තමුන්ගේ සතුරන්ට පිටිපෑවාට පසු මම මක්කියම්ද?


යූදා කියනුයේ: මාගේ ස්වාමියාට අපි කුමක් කියමුද? කුමක් කථාකරමුද? අපි කෙසේ අපම නිර්දෝෂකරගනිමුද? දෙවියන්වහන්සේ ඔබගේ මෙහෙකරුවන්ගේ අපරාධය සොයාගත්සේක. බැලුව මැනවි, කුසලාන යමෙකු අත තිබී සම්බවීද ඔහුත් අපිත් මාගේ ස්වාමියාගේ දාසයෝ යයි කීය.


මක්නිසාද අපි වාල්ලුය; නුමුත් අපේ වාල්කමේදී අපේ දෙවියන්වහන්සේ අප අත් නොහැර, අපේ දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනැගීමටත් ඒකේ බිඳුම් හරි ගැස්සීමටත් අප ජීවත්කරන හැටියටද, යූදාහිත් යෙරුසෙලමෙහිත් අපට පවුරක් දෙන හැටියටද, පාර්සියාවේ රජවරුන්ගේ ඇස් හමුවෙහි අපට කරුණාව පෙන්නූසේක.


එනම්: නුඹලා හිමිකරගන්ට යන දේශය එහි ජනයන්ගේ පිළිකුල්වලින්ද කිලුටුකම්වලින්ද එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා පිරී තිබේ; ඔවුන්ගේ අපවිත්‍රකම නිසා ඒක අපවිත්‍ර දේශයක්ව තිබේ.


එහෙත් ඔබ බොහෝ අවුරුදු ගණනක් ඔවුන් ගැන ඉවසා, ඔබගේ ආත්මයෙන් ඔබගේ ප්‍රොපේතවරුන් ලවා ඔවුන්ට අවවාදකෙරෙවුසේක. නුමුත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය. ඔබද දේශවල ජනයන් අතට ඔවුන් පාවාදුන්සේක.


අපේ රජවරුන්ද අපේ අධිපතීන්ද අපේ පූජකයන්ද අපේ පියවරුන්ද ඔබගේ ව්‍යවස්ථාව පැවැත්තුවේවත්, ඔබගේ ආඥාවලටද ඔබ ඔවුන්ට කළ ඔබගේ අවවාදවලටද ඇහුම්කන්දුන්නේවත් නැත.


අපි අපේ පියවරුන් හා සමඟ පව්කෙළෙමුව. අයුතුකම් කෙළෙමුව, දුෂ්ටලෙස ක්‍රියාකෙළෙමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්