Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 8:36 - Sinhala Revised Old Version

36 තවද ඔව්හු රජුගේ ආඥා ගඟ මෙගොඩ සිටිය රජුගේ දිශාධිපතීන්ටත් ආණ්ඩුකාරයන්ටත් භාරදුන්නෝය. ඔව්හු සෙනඟටත් දෙවියන්වහන්සේගේ ගෘහයටත් උපකාරකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 තවද, ඔව්හු රජුගේ ආඥා යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි රජුගේ දිශාධිපතීන්ටත්, ආණ්ඩුකාරයන්ටත් භාර දුන්නෝ ය. එවිට ඔව්හු සෙනඟටත්, දෙවියන් වහන්සේගේ මාලිගාවටත් සහාය දුන්නෝ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 තවද, ඔව්හු රජුගේ ආඥා යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි රජුගේ දිශාධිපතීන්ටත්, ආණ්ඩුකාරයන්ටත් භාර දුන්නෝ ය. එවිට ඔව්හු සෙනඟටත්, දෙවියන් වහන්සේගේ මාලිගාවටත් සහාය දුන්නෝ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 8:36
11 හුවමාරු යොමු  

නුමුත් පොළොව ස්ත්‍රීට පිහිටව, කට හැර, මහ සර්පයා තමාගේ කටින් නික්මවූ ගංගාව ගිල්ලාය.


තවද ඔහු අකායට යන්ට සිතූ කල්හි, සහෝදරයෝ ඔහු ධෛර්යකොට, ඔහු පිළිගන්නා ලෙස ගෝලයන්ට ලියා ඇරියෝය. ඔහු එහි පැමිණි කල, අනුග්‍රහය කරණකොටගෙන අදහාගන සිටි අයට බොහෝ උපකාරකෙළේය.


රටවල සියලු අධිපතියෝද දිශාධිපතියෝද ආණ්ඩුකාරයෝද රාජකාරිය කරන්නෝද යුදෙව්වරුන්ට උපකාරකළෝය; මක්නිසාද මොර්දෙකයි නිසා භයක් ඔවුන් පිටට පැමිණ තිබුණේය.


එවිට ගඟ මෙගොඩ සිටි දිශාධිපති තැනවූ තත්තෙනයිද ෂෙතර්-බෝසෙනයිද ඔවුන්ගේ සහකාරයෝද දාරියුෂ් රජු විසින් ආඥාව එවූ බැවින් ඉක්මනින් ඒ හැටියට කළෝය.


ඇරත් මම රජුට කථාකොට: රජතුමා ප්‍රසන්න නම් මා යුදයට පැමිණෙන තුරු රට මැදින් මට යන්ට දෙන ලෙස එගොඩ සිටින දිශාධිපතීන්ට දීමට ලියුම්ද,


එවිට පළමුවෙනි මාසයේ දහතුන්වෙනිදා රජුගේ ලේකම්වරුන්ට අඬගස්වා, හාමාන් අණකළ සියල්ල ලෙස රජුගේ දිසාධිපතීන්ටද සියලු රටවල ආණ්ඩුකාරයන්ටද එක එක සෙනඟගේ අධිපතීන්ටද එක එක රටේ අකුරුවලින් සහ එක එක සෙනඟගේ භාෂාවෙන්ද ලියුම් ලියවා හැරියේය; අහෂ්වේරොෂ් රජුගේ නමින් ඒවා ලියා රජුගේ මුදුවෙන් මුද්‍රාකළේය.


මනුෂ්‍යයෙකුගේ මාර්ගවලට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවන කල උන්වහන්සේ ඔහුගේ සතුරන් පවා ඔහු හා සමඟිකරවනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්