Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 8:25 - Sinhala Revised Old Version

25 රජුද ඔහුගේ මන්ත්‍රීවරුන්ද අධිපතීන්ද එහි සිටි සියලු ඉශ්‍රායෙල්වරුන්ද විසින් අපේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා ඔප්පුකළ පඬුර වන රිදීද රන්ද භාණ්ඩද ඔවුන්ට කිරා භාරදුනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 රජු ද ඔහුගේ උපදේශකයන් ද අධිපතීන් ද එහි සිටි සියලු ඉශ්රායෙල්වරුන් ද විසින් අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා දෙන ලද පඬුරු වන රිදී ද රන් ද භාණ්ඩ ද කිරා ඔවුන්ට භාර දිනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 රජු ද ඔහුගේ උපදේශකයන් ද අධිපතීන් ද එහි සිටි සියලු ඉශ්රායෙල්වරුන් ද විසින් අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා දෙන ලද පඬුරු වන රිදී ද රන් ද භාණ්ඩ ද කිරා ඔවුන්ට භාර දිනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 8:25
7 හුවමාරු යොමු  

සතරවෙනිදා ඒ රිදීද රන්ද බඩුද සියල්ලම ගණන හා බර ප්‍රකාරයට, පූජකයාවූ උරියාගේ පුත්‍රවූ මෙරේමොත් අතට අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේදී කිරා දෙනලද්දේය.


පාර්සියාවේ රජවූ කෝරෙෂ් ඒවා භාණ්ඩාගාරිකවූ මිත්රෙදාත් ලවා පිටතට ගෙන්වා, යූදාහි අධිපතියාවූ ෂෙෂ්බශර්ට ගණන්කර දුන්නේය.


ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.


ඔව්හු තමුන්ගේ පුළුවන්කමේ හැටියට රන් දරික් මිල සැට එක් දහසක්ද රිදී රාත්තල් පන්දහසක්ද පූජක වස්ත්‍ර සියයක්ද කර්මාන්ත ගබඩාවට දුන්නෝය.


එක එක රිදී තැටියේ බර ෂෙකෙල් එකසිය තිහක්ය, එක එක තාලියේ බර ෂෙකෙල් සැත්තෑවක්ය. ඒ සියලු රිදී බඩු ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් දෙදාස් හාරසියයක් විය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්