Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 8:17 - Sinhala Revised Old Version

17 කාසිපියා යන ස්ථානයේ සිටිය ප්‍රධානියාවූ ඉද්දෝ වෙතට ඔවුන් යවමින්, අපේ දෙවියන්වහන්සේගේ ගෘහයට සේවකයන් අප වෙතට කැඳවාගෙන එන පිණිස ඉද්දෝටත් කාසිපියා යන ස්ථානයෙහි සිටිය ඔහුගේ සහෝදරයන් වන නෙතිනීම්වරුන්ටත් කිය යුතුදේ ඔවුන්ට කීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 කාසිපියා යන ස්ථානයේ සිටි ප්‍රධානියා වූ ඉද්දෝ වෙත ඔවුන් යැවීමි. දෙවියන් වහන්සේගේ මාලිගාවට සේවකයන් අප වෙත සපයා දෙන ලෙස ඉද්දෝටත්, කාසිපියා යන ස්ථානයෙහි සිටි ඔහුගේ ඥාතීන් වන දේව මාලිගාවේ සේවකයන්ටත් කිය යුතු දේ මම ඔවුන්ට කීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 කාසිපියා යන ස්ථානයේ සිටි ප්‍රධානියා වූ ඉද්දෝ වෙත ඔවුන් යැවීමි. දෙවියන් වහන්සේගේ මාලිගාවට සේවකයන් අප වෙත සපයා දෙන ලෙස ඉද්දෝටත්, කාසිපියා යන ස්ථානයෙහි සිටි ඔහුගේ ඥාතීන් වන දේව මාලිගාවේ සේවකයන්ටත් කිය යුතු දේ මම ඔවුන්ට කීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 8:17
16 හුවමාරු යොමු  

නෙතිනීම්වරු නම්: ශීහාගේ පුත්‍රයෝය, හසුපාගේ පුත්‍රයෝය, ටබ්බාවොත්ගේ පුත්‍රයෝය;


මා එන විට නුඹ ක්‍රීතෙහි නැවැත්වූ කාරණය නම්, අඩුව තිබුණූ දේවල් නුඹ විසින් පිළිවෙළට යොදන පිණිසත් මා නුඹට ආඥාකළ ලෙස නුවරක් පාසා වැඩිමහල්ලන් පත්කරන පිණිසත්ය;


එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ හැරීආවොත්, මම නුඹ නැවත ගෙනෙන්නෙමි, නුඹද මා ඉදිරියෙහි සිටින්නෙහිය; නුඹ අනර්ඝ දෙය නීච දෙයින් වෙන්කළොත්, නුඹ මාගේ මුඛය මෙන් සිටින්නෙහිය. ඔව්හු නුඹ වෙතට හැරීඑන්නෝය, එහෙත් නුඹ ඔවුන් වෙතට හැරී නොයන්න.


එවිට ස්වාමීන්වහන්සේ ස්වකීය අත දිගුකොට මාගේ මුඛය ස්පර්ශකළසේක. තවද ස්වාමීන්වහන්සේ මට කථාකොට: මෙන්න, මාගේ වචන නුඹේ මුඛයෙහි තැබීමි.


තවද අර්තක්ෂස්තා රජුගේ සත්වෙනි අවුරුද්දේදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන්ද පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද ගායනාකාරයන්ගෙන්ද දොරටුපාලයන්ගෙන්ද නෙතිනීම්වරුන්ගෙන්ද සමහරුත් යෙරුසලමට ආවෝය.


නෙතිනීම්වරුද සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝද යන සියල්ලෝ තුන්සිය අනූ දෙදෙනෙක්ය.


රජද: මේ සියල්ල සම්බන්ධව යෝවාබ්ගේ අත නුඹ සමඟදැයි ඇසුවේය. ස්ත්‍රී උත්තරදෙමින්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබගේ ආත්මය ජීවත්වන බව සැබෑවාසේම මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් කී සියල්ලෙන් දකුණටවත් වමටවත් හැරෙන්ට කිසිවෙකුට නුපුළුවන. එසේය, ඔබගේ සේවකවූ යෝවාබ්ම මට අණකර ඔහුම මේ සියලු වචන ඔබගේ දාසීගේ කටට දුන්නේය.


රජු ළඟට ගොස් මේ මේ වචනවල හැටියට ඔහුට කියන්නැයි කියා ඒ වචන ඇගේ කටට දුන්නේය.


මම ඔවුන්ගේ සහෝදරයන්ගෙන් නුඹ සමාන අනාගතවක්තෘ කෙනෙකු ඔවුන්ට නැගුටුවා දී මාගේ වචන ඔහුගේ මුඛයෙහි තබන්නෙමි, මා ඔහුට අණකරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේය.


බලව, මම ලෙවීවරුන්වූ නුඹලාගේ සහෝදරයන් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ගතිමි. සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය කරන පිණිස නුඹලාට ත්‍යාගයක් කොට ඔව්හු ස්වාමීන්වහන්සේට දෙනලද්දෝය.


නුඹ ඔහුට කථාකොට ඔහුගේ කටට වචන දෙන්නෙහිය. මම නුඹේ මුඛයත් ඔහුගේ මුඛයත් සමඟ සිට නුඹලා විසින් කටයුතු දේ නුඹලාට උගන්වන්නෙමි.


තමුන්ගේ උරුමවලද නුවරවලද වාසයකළ පළමුවෙනි වැසියෝ නම්: ඉශ්‍රායෙල්වරුත් පූජකයොත් ලෙවීවරුත් නෙතිනිම්වරුත්ය.


එවිට මම එලීයෙසර්ද අරියෙල්ද ෂෙමායාද එල්නාතාන්ද යාරීබ්ද එල්නාතාන්ද නාතාන්ද සෙකරියාද මෙෂුල්ලාම්ද යන ප්‍රධානීන් සහ යෝයාරීබ්ද එල්නාතාන්ද යන උගන්වන්නන්ද කැඳවාගෙන,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්