Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 8:15 - Sinhala Revised Old Version

15 අහවාට ගලායන ගංගාව ළඟට මම ඔවුන් රැස්කෙළෙමි; අපි එහි තුන් දවසක් කූඩාරම් ගසාගන සිටියෙමු. මම සෙනඟද පූජකයන්ද බලා ලෙවී පුත්‍රයන්ගෙන් කිසිවෙකු නැති බව දුටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 “අහවා නගරයට ගලා යන ගංගාව ළඟ මම ඔවුන් රැස් කෙළෙමි. අපි එහි තුන් දවසක් කූඩාරම් ගසාගෙන සිටියෙමු. සෙනඟ ද පූජකයන් ද දෙස බැලූ විට ඔවුන් අතර ලෙවීවරුන්ගෙන් කිසිවෙකු නැති බව මම දිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 “අහවා නගරයට ගලා යන ගංගාව ළඟ මම ඔවුන් රැස් කෙළෙමි. අපි එහි තුන් දවසක් කූඩාරම් ගසාගෙන සිටියෙමු. සෙනඟ ද පූජකයන් ද දෙස බැලූ විට ඔවුන් අතර ලෙවීවරුන්ගෙන් කිසිවෙකු නැති බව මම දිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 8:15
12 හුවමාරු යොමු  

ඉක්බිති අපි පළමුවෙනි මාසයේ දොළොස්වෙනිදා යෙරුසලමට යන පිණිස අහවා ගඟ ළඟ සිට පිටත්වුණෙමු. අපේ දෙවියන්වහන්සේගේ හස්තය අප කෙරෙහි විය, උන්වහන්සේ සතුරන්ගේ අතිනුත් මග රැක සිටි අයගෙනුත් අප ගැළෙවූසේක.


එවිට අපේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටහත්වී අපටත් අපේ බාලයන්ටත් අපේ සියලු සම්පත්වලටත් සඵලවත් ගමනක් ලැබෙන හැටියට උන්වහන්සේගෙන් ඉල්ලන පිණිස එහි අහවා ගංගාව ළඟදී උපවාසයක් ප්‍රසිද්ධකෙළෙමි.


තවද අර්තක්ෂස්තා රජුගේ සත්වෙනි අවුරුද්දේදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන්ද පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද ගායනාකාරයන්ගෙන්ද දොරටුපාලයන්ගෙන්ද නෙතිනීම්වරුන්ගෙන්ද සමහරුත් යෙරුසලමට ආවෝය.


එවිට මම කෙබාර් ගංගාව ළඟ තේල්-ආබීබ් යන ස්ථානයෙහි විසූ වහල්කමේ සිටියවුන් ළඟට පැමිණ, එහි සත් දවසක් ඔවුන් අතරෙහි විස්මපත්ව හිඳගන උනිමි.


බබිලෝනියේ ගංගා ළඟ ඉඳගතිමුව, එසේය, එහිදී සියොන් සිහිවූ කල ඇඬීමුව.


පීනෙහාස්ගේ පුත්‍රයන්ගෙන් ගේර්ෂොම්ය. ඊතාමාර්ගේ පුත්‍රයන්ගෙන් දානියෙල්ය. දාවිත්ගේ පුත්‍රයන්ගෙන් හට්ටූෂ්ය.


සබත් දවසේදී අපි පිටත්වී නුවර දොරටුවෙන් පිට යාච්ඤා ස්ථානයක් ඇතැයි අපට කල්පනාවුණ ගංගාවක් අද්දරට ගොස් හිඳ, රැස්ව සිටි ස්ත්‍රීන්ට කථාකෙළෙමුව.


තිස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ පස්වෙනිදා කෙබාර් ගංගාව ළඟ වහලට අසුවූවන් අතරේ මා සිටින කල්හි අහස විවෘතවී දේවදර්ශන මට පෙනුණේය.


තවද පූජකයන්, ලෙවීවරුන්, ගායනාකාරයන්, දොරටුපාලයන්, නෙතිනීම්වරුන් යන මොවුන් කිසිවෙකුගෙන්වත් දෙවියන්වහන්සේගේ මේ ගෘහයේ මෙහෙකරුවන්ගෙන්වත් තීරුවද ආදායම්ද සුංගම්ද අයකරන්ට නුඹලාට බලය නැති බව දැනගන්න.


බිග්වායිගේ පුත්‍රයන්ගෙන් ඌතයි සහ සබ්බූද්ය; ඔවුන් සමඟ පිරිමි හැත්තෑවකුත්ය.


එවිට මම එලීයෙසර්ද අරියෙල්ද ෂෙමායාද එල්නාතාන්ද යාරීබ්ද එල්නාතාන්ද නාතාන්ද සෙකරියාද මෙෂුල්ලාම්ද යන ප්‍රධානීන් සහ යෝයාරීබ්ද එල්නාතාන්ද යන උගන්වන්නන්ද කැඳවාගෙන,


මම වනාහි මා කෙරෙහි තිබුණු මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හස්තය නිසා බලවත්වී, මා සමඟ යාමට ඉශ්‍රායෙල්වරුන් අතරෙන් ප්‍රධානීන් රැස්කරගත්තෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්