Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 7:8 - Sinhala Revised Old Version

8 ඔහු රජුගේ සත්වෙනි අවුරුද්දේ පස්වෙනි මාසයේදී යෙරුසලමට ආයේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එස්රා, රජුගේ සත් වන අවුරුද්දේ පස් වන මාසයේ දී ජෙරුසලමට ආවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එස්රා, රජුගේ සත් වන අවුරුද්දේ පස් වන මාසයේ දී ජෙරුසලමට ආවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 7:8
7 හුවමාරු යොමු  

තවද අර්තක්ෂස්තා රජුගේ සත්වෙනි අවුරුද්දේදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන්ද පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද ගායනාකාරයන්ගෙන්ද දොරටුපාලයන්ගෙන්ද නෙතිනීම්වරුන්ගෙන්ද සමහරුත් යෙරුසලමට ආවෝය.


මක්නිසාද ඔහු පළමුවෙනි මාසයේ පළමුවෙනිදා බබිලෝනියෙන් පිටත්ව, ඔහු කෙරෙහි තිබුණු ඔහුගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය ප්‍රකාරයට පස්වෙනි මාසයේ පළමුවෙනිදා යෙරුසලමට පැමුණුණේය.


අපි වනාහි යෙරුසලමට පැමිණ තුන් දවසක් උන්නෙමු.


මක්නිසාද අපි වාල්ලුය; නුමුත් අපේ වාල්කමේදී අපේ දෙවියන්වහන්සේ අප අත් නොහැර, අපේ දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනැගීමටත් ඒකේ බිඳුම් හරි ගැස්සීමටත් අප ජීවත්කරන හැටියටද, යූදාහිත් යෙරුසෙලමෙහිත් අපට පවුරක් දෙන හැටියටද, පාර්සියාවේ රජවරුන්ගේ ඇස් හමුවෙහි අපට කරුණාව පෙන්නූසේක.


එවිට යූදාහිද බෙන්යමින්හිද සියලු මනුෂ්‍යයෝ තුන් දවස ඇතුළත යෙරුසලමට රැස්වූවෝය; ඒ දවස නවවෙනි මාසයේ විසිවෙනිදාය. මුළු සෙනඟ මේ කාරණය නිසාත් තද වර්ෂාව නිසාත් දෙවියන්වහන්සේගේ ගෘහය ඉදිරිපිට එළිමහනේ වෙවුලමින් ඉඳගෙන උන්නෝය.


මෙසේ එස්තර් තොමෝ අහෂ්වේරොෂ් රජුගේ රජකම්කිරීමේ සත්වෙනි අවුරුද්දේ තේබෙත් නම් දසවෙනි මාසයේදී රජගෙට රජු වෙතට ගෙනයනු ලැබුවාය.


එබැවින් නුඹ මෙසේ දැනගන තේරුම්ගන්න, එනම් යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්ට ආඥාවක් ලැබෙන තැන් පටන් අධිපතියාවූ ආලේපලත් තැනැත්තා දක්වා සති සතක්ද සති සැටදෙකක්ද තිබෙන බවය. කැලඹීම් සහිත කාලවලදී වුවත් වීථියත් අගළත් නැවත ගොඩනගනු ලබනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්