Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 7:23 - Sinhala Revised Old Version

23 ස්වර්ගයේ දෙවියන්වහන්සේ විසින් අණකර තිබෙන සියල්ල ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා හරියාකාර කරනු ලැබේවා; එසේය, රජුගෙත් ඔහුගේ පුත්‍රයන්ගෙත් රාජ්‍යය කෙරෙහි උදහස පැමිණෙන්ට වෙන්නේ මක්නිසාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ස්වර්ගයේ දෙවියන් වහන්සේ විසින් අණ කරනු ලැබ තිබෙන සියල්ල, ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා හරියාකාර කරනු ලැබේවා. එසේ නොකළොත් රජුගේත්, ඔහුගේ පුත්‍රයන්ගේත් රාජ්‍යය කෙරෙහි උදහස පැමිණෙන්නට ඉඩ තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ස්වර්ගයේ දෙවියන් වහන්සේ විසින් අණ කරනු ලැබ තිබෙන සියල්ල, ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා හරියාකාර කරනු ලැබේවා. එසේ නොකළොත් රජුගේත්, ඔහුගේ පුත්‍රයන්ගේත් රාජ්‍යය කෙරෙහි උදහස පැමිණෙන්නට ඉඩ තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 7:23
8 හුවමාරු යොමු  

අප විසින් ඔබගේ නියෝග උත්සාහයෙන් පවත්වන පිණිස ඔබ ඒවා අපට අණකළසේක.


ඒ කාලයේදී මම සියලු ජනයන්ට යෙරුසලම බරවූ ගලක් කරන්නෙමි; එය උස්සාගන්න සියල්ලෝ බොහෝසේ තුවාල ලබන්නෝය; පොළොවේ සියලු ජාතීහුද ඊට විරුද්ධව රැස්වන්නෝය.


ඉතුරුවෙන රන් රිදීවලින් නුඹටත් නුඹේ සහෝදරයන්ටත් කරන්ට හොඳව පෙනෙන දෙයක් නුඹලාගේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස කරන්න.


මාගේ රාජ්‍යයේ සිටින ඉශ්‍රායෙල් සෙනඟගෙන්ද ඔවුන්ගේ පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද යෙරුසලමට යන්ට කැමති සියල්ලන්ට නුඹ සමඟ යන්ට පුළුවන කියා නියෝගයක් කරමි.


රිදී තලෙන්ත සියයක් වුවත් තිරිඟු කෝර සියයක් වුවත් මුද්‍රිකපාන බාත් සියයක් වුවත් තෙල් බාත් සියයක් වුවත් ලුණු කොපමණ වුවත් ඉක්මනින් දෙන හැටියට ගඟ එගොඩ සිටින සියලු ගබඩාකාරයන්ට නියෝගයක් කරමි.


මා විසින් නුඹලා දාසකමට ගෙනගියාවූ නුවරේ සමාදානය සොයා එය උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න. මක්නිසාද එහි සමාදානයෙන් නුඹලාට සමාදානය ලැබෙයි.


ඔව්හුද: හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ අපට සම්මුඛවූසේක. උන්වහන්සේ වසංගතය හෝ කඩුව හෝ ඇතුව අපට විරුද්ධව නොපැමිණෙන පිණිස අප තුන් දවසක ගමන් වනාන්තරයට ගොස් අපගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන්ට අවසර ලැබේවයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්