Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 7:21 - Sinhala Revised Old Version

21 අර්තක්ෂස්තා රජු වන මම ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවේ ලියන්නා වන පූජකවූ එස්රා විසින් නුඹලාගෙන් ඉල්ලන සියල්ල,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 “තවද, අර්තක්ෂස්තා රජු වන මම, ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව පිළිබඳ නීතිවේදියා වන පූජක එස්රා විසින් ඔබෙන් ඉල්ලනු ලබන සියල්ල සැණෙකින් දෙන්න යුප්‍රටීස් ගඟෙන් එගොඩ සිටින සියලු භාණ්ඩාගාරිකයන්ට නියෝග කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 “තවද, අර්තක්ෂස්තා රජු වන මම, ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව පිළිබඳ නීතිවේදියා වන පූජක එස්රා විසින් ඔබෙන් ඉල්ලනු ලබන සියල්ල සැණෙකින් දෙන්න යුප්‍රටීස් ගඟෙන් එගොඩ සිටින සියලු භාණ්ඩාගාරිකයන්ට නියෝග කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 7:21
11 හුවමාරු යොමු  

මේ එස්රා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් දුන් මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන සමර්ථ ලියන්නෙක්ය. ඔහු කෙරෙහි තිබුණු ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හස්තය ප්‍රකාරයට ඔහු ඉල්ලූ සියල්ල රජ්ජුරුවෝ ඔහුට දුන්නාහ.


මේ නුවර ගොඩනගා පවුරු සාදා නිමකළොත් ගඟ මෙගොඩ ඔබට කිසි කොටසක් ඉතුරු නොවන බව අපි රජ්ජුරුවන්ට දන්වා සිටිමුව යනුය.


ඒ නිසා ගඟ එගොඩ සිටින දිශාධිපති තැන වන තත්තෙනයිද ෂෙතර්-බෝසෙනයිද ගඟ එගොඩ සිටින අපර්සෙකාවරු වන නුඹලාගේ සහකාරයෝද යන නුඹලා එතැනින් ඈත්ව සිටින්න.


ගඟ එගොඩ තිබෙන මුළු රට ආණ්ඩුකළ බලවත් රජුන් යෙරුසලමෙහි සිටි බවත් තීරුවද ආදායම්ද සුංගම්ද ඔවුන්ට දෙනලද බවත් දැනගන්ට ලැබුණේය.


මේ කාරණාවලට පසු පාර්සියාවේ අර්තක්ෂස්තාගේ රජකම්කිරීමේදී එස්රා බබිලෝනියෙන් ගියේය. එස්රා සොරායාගේ පුත්‍රයාය, ඔහු අසරියාගේ පුත්‍රයාය, ඔහු හිල්කියාගේ පුත්‍රයාය,


රිදී තලෙන්ත සියයක් වුවත් තිරිඟු කෝර සියයක් වුවත් මුද්‍රිකපාන බාත් සියයක් වුවත් තෙල් බාත් සියයක් වුවත් ලුණු කොපමණ වුවත් ඉක්මනින් දෙන හැටියට ගඟ එගොඩ සිටින සියලු ගබඩාකාරයන්ට නියෝගයක් කරමි.


තවද ඔව්හු රජුගේ ආඥා ගඟ මෙගොඩ සිටිය රජුගේ දිශාධිපතීන්ටත් ආණ්ඩුකාරයන්ටත් භාරදුන්නෝය. ඔව්හු සෙනඟටත් දෙවියන්වහන්සේගේ ගෘහයටත් උපකාරකළෝය.


ඇරත් මම රජුට කථාකොට: රජතුමා ප්‍රසන්න නම් මා යුදයට පැමිණෙන තුරු රට මැදින් මට යන්ට දෙන ලෙස එගොඩ සිටින දිශාධිපතීන්ට දීමට ලියුම්ද,


මාගේ රාජ්‍යයේ ආණ්ඩුව පවතින සෑමතැනම මනුෂ්‍යයන් දානියෙල්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි වෙවුලා භය වෙන හැටියට අණකරමි. මක්නිසාද උන්වහන්සේ ජීවමානවූ සදාකාලයටම සිටින්නාවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේගේ රාජ්‍යය නැති නොවී, උන්වහන්සේගේ ආණ්ඩුව කෙළවර දක්වා පවත්නේය.


අප විසින් ඔබගේ නියෝග උත්සාහයෙන් පවත්වන පිණිස ඔබ ඒවා අපට අණකළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්