Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 7:19 - Sinhala Revised Old Version

19 තවද නුඹේ දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිණිස නුඹට දෙනලද භාණ්ඩ යෙරුසලමේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි බාරදෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 තවද, ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස ඔබට දෙන ලද භාණ්ඩ ජෙරුසලමේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි බාර දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 තවද, ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස ඔබට දෙන ලද භාණ්ඩ ජෙරුසලමේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි බාර දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 7:19
7 හුවමාරු යොමු  

ඒ කාලයෙහි යෙරුසලමට: ස්වාමීන්වහන්සේගේ සිංහාසනයයයි කියනවා ඇත; සියලු ජාතීහුද ඒක ළඟට, ස්වාමීන්වහන්සේගේ නාමය නිසා යෙරුසලමට, රැස්වන්නෝය. ඔව්හු තමුන්ගේ නපුරු සිත්වල මුරණ්ඩුකමේ හැටියට තවත් නොහැසිරෙන්නෝය.


මනුෂ්‍ය අත් වැඩ වන පොළෝ ජනයන්ගේ දෙවිවරුන් ගැන කථාකරන්නාක් මෙන් යෙරුසලමේ දෙවියන්වහන්සේ ගැන කථාකළෝය.


ඉතුරුවෙන රන් රිදීවලින් නුඹටත් නුඹේ සහෝදරයන්ටත් කරන්ට හොඳව පෙනෙන දෙයක් නුඹලාගේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස කරන්න.


තවත් නුඹේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා දෙන්ට නුඹට ඕනෑකරන දේවල් රජුගේ භාණ්ඩාගාරයෙන් රැගෙන දෙන්න.


ඒවා බබිලෝනියට ගෙනයනු ලබන්නේය, මා ඒවා විමසා බලන දවස දක්වා ඒවා එහි තිබෙන්නේය; එවිට මම ඒවා ගෙනැවිත් නැවත මේ ස්ථානයට පමුණුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්