Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 6:3 - Sinhala Revised Old Version

3 කෝරෙෂ් රජුගේ පළමුවෙනි අවුරුද්දේදී කෝරෙෂ් රජ යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය ගැන නියෝගයක් කෙළේය. ඒ මෙසේය: ඒ ගෘහය පූජා ඔප්පුකරන ස්ථානයක් කොට ගොඩනගනු ලැබේවා, ඒකේ අත්තිවාරම් සවිකොට පිහිටුවනු ලැබේවා; හැට රියනක් උසටද හැට රියනක් පළලටද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 “සයිරස් රජුගේ පළමු වන අවුරුද්දේ දී සයිරස් රජ ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන මෙසේ නියෝගයක් කෙළේ ය: ‘ඒ මාලිගාව පූජා ඔප්පු කරන ස්ථානයක් වශයෙන් ගොඩනඟනු ලැබේවා. එහි අත්තිවාරම් සවි කොට පිහිටුවනු ලැබේවා. එහි උස මීටර් විසිහතක් ද පළල මීටර් විසිහතක් ද විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 “සයිරස් රජුගේ පළමු වන අවුරුද්දේ දී සයිරස් රජ ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන මෙසේ නියෝගයක් කෙළේ ය: ‘ඒ මාලිගාව පූජා ඔප්පු කරන ස්ථානයක් වශයෙන් ගොඩනඟනු ලැබේවා. එහි අත්තිවාරම් සවි කොට පිහිටුවනු ලැබේවා. එහි උස මීටර් විසිහතක් ද පළල මීටර් විසිහතක් ද විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 6:3
16 හුවමාරු යොමු  

නුමුත් ස්වාමීන්වහන්සේ යෙරමියාගේ මුඛයෙන් කියෙවු වචනය සම්පූර්ණවෙන පිණිස පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ පළමුවෙනි අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ සිත පෙළෙඹවුසේක. ඔහු වනාහි: ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ;


නුවර සතරැස්ව පිහිටා තිබේ, එහි දිගද පළලේ ප්‍රමාණයට තිබේ. ඔහු දණ්ඩෙන් නුවර මැන්නේය. එය පර්ලොං දොළොස් දහසක්ය. එහි දිගත් පළලත් උසත් එක සමානය.


ගෝත්‍රයෝ, ස්වාමීන්ගේ ගෝත්‍රයෝ, ඉශ්‍රායෙල්ට සාක්ෂියක් වශයෙන් ස්වාමීන්ගේ නාමයට ස්තුතිකරන පිණිස එතැනට යෙති.


නුමුත් ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද උන්වහන්සේ දරන්ට අනවකාශව තිබෙද්දී උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට කාට පුළුවන්කම තිබේද? උන්වහන්සේ ඉදිරියෙහි සුවඳදුම් ඔප්පුකිරීමට මිස උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මම කවරෙක්ද?


තවද පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ පළමුවෙනි අවුරුද්දේදී ස්වාමීන්වහන්සේ යෙරෙමියාගේ මුඛයෙන් කියෙවූ වචනය ඉෂ්ටවෙන පිණිස ස්වාමීන්වහන්සේ පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ සිත පෙළෙඹවුසේක.


තවද ඔව්හු ගල් වඩුවන්ටත් වඩුවන්ටත් මුදල්ද පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගෙන් තමුන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට මුහුදෙන් යොප්පාවට කිහිරි ගස් ගෙනෙන පිණිස ශීදොන් වැසියන්ටත් තීර් වැසියන්ටත් කෑම බීම හා තෙල්ද දුන්නෝය.


සාලමොන් තීර්හි හූරාම් රජුට පණිවිඩයක් යවමින්: මාගේ පියවූ දාවිත්ට වාසයකිරීමට ගෙයක් ගොඩනැගීම පිණිස ඔබ කිහිරි ලී එවීමෙන් ඔහු සමඟ ක්‍රියාකළාක් මෙන් මා සමඟත් ක්‍රියාකළමැනවි.


ඔහු තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රකාශයක් කරනුයේ: ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ; තවද උන්වහන්සේ යූදාහි තිබෙන යෙරුසලමෙහි උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මට අණකර තිබේ.


යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලෝද අනාගතවක්තෘවූ හග්ගයිගෙත් ඉද්දෝගේ පුත්‍රවූ ශෙකරියාගෙත් අනාගතවාක්‍ය හේතුකොටගෙන ගොඩනගා සඵලවූවෝය. ඔව්හු ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේගේ ආඥාවේ හැටියටත් කෝරෙෂ්ගේද දාරියුෂ්ගේද පාර්සියාවේ රජවූ අර්තක්ෂස්තාගේද නියෝගයේ හැටියටත් ගොඩනගා නිමකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්