Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 6:20 - Sinhala Revised Old Version

20 මක්නිසාද පූජකයෝද ලෙවීවරුද එක්කෙනෙකු මෙන් පිරිසිදුවී සිටියෝය; ඔවුන් සියල්ලෝ පිරිසිදුව සිට, වාල්කමෙන් මිදී ආ සියල්ලන් උදෙසාද පූජකයන්වූ තමුන්ගේ සහෝදරයන් උදෙසාද තමුන්ම උදෙසාද පාස්කු බැටළුපැටවුන් මැරුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 පූජකවරු ද ලෙවීවරු ද එක් කෙනෙකු වත් නෑර සියලු දෙන ම පිරිසිදු වී සිටියෝ ය. ඔව්හු සියල්ලෝ පිරිසිදු ව සිට විප්‍රවාසයෙන් මිදී ආ සියල්ලන් උදෙසා ද, පූජකයන් වූ තමන්ගේ සහෝදරයන් උදෙසා ද තමන් ම උදෙසා ද පාස්කු මංගල්‍යය සඳහා බැටළු පැටවුන් මැරූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 පූජකවරු ද ලෙවීවරු ද එක් කෙනෙකු වත් නෑර සියලු දෙන ම පිරිසිදු වී සිටියෝ ය. ඔව්හු සියල්ලෝ පිරිසිදු ව සිට විප්‍රවාසයෙන් මිදී ආ සියල්ලන් උදෙසා ද, පූජකයන් වූ තමන්ගේ සහෝදරයන් උදෙසා ද තමන් ම උදෙසා ද පාස්කු මංගල්‍යය සඳහා බැටළු පැටවුන් මැරූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 6:20
7 හුවමාරු යොමු  

ඔව්හු පාස්කු බැටළු පැටවුන් මැරුවෝය, පූජකයෝද ඔවුන් අතින් ලේ රැගෙන ඉස්සෝය, ලෙවීවරු සතුන් හමගැසුවෝය.


ඒ උත්තම පූජකයන් මෙන් පළමුකොට තමුන්ගේම පව් උදෙසාත් පසුව සෙනඟගේ පව් උදෙසාත් දවස්පතා පූජාවල් ඔප්පුකරන්ට උන්වහන්සේට වුවමනාවක් නැත. මක්නිසාද උන්වහන්සේ තමන්ම පූජාකිරීමෙන් එකවරක්ම ඒක කළසේක.


නුමුත් පූජකයන් මදිවූ නිසා සියලු දවන පූජා හමගහන්ට බැරිවිය. ඒ නිසා ඔවුන්ගේ සහෝදරයෝවූ ලෙවීවරු වැඩේ තීන්දුවෙන තුරුත් අනික් පූජකයන් පවිත්‍රවෙන තුරුත් ඔවුන්ට උදව්වූවෝය. මක්නිසාද තුමූම පවිත්‍රවීම ගැන ලෙවීවරු පූජකයන්ට වඩා අවංකව සිටියෝය.


එවිට මෝසෙස් ඉශ්‍රායෙල්ගේ සියලු වැඩිමහල්ලන් කැඳවා: නුඹලාගේ පවුල්වල හැටියට බැටළු වස්සන් තෝරාගෙන පාස්කු මංගල්‍යය පිණිස මරන්න.


ඉන්පසු ඔව්හු තමුන්ටත් පූජකයන්ටත් පිළියෙළ කළෝය; මක්නිසාද ආරොන්ගේ පුත්‍රයෝවූ පූජකයෝ දවන පූජාද තෙලද රෑ වෙනතුරු ඔප්පුකරමින් සිටියෝය. ලෙවීවරුද තමුන්ටත් ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ටත් පිළියෙළකළෝය.


ආසාප්ගේ පුත්‍රයෝවූ ගීතිකාකාරයෝද දාවිත්ගෙත් ආසාප්ගෙත් හේමාන්ගෙත් රජුගේ දිවස් ඇත්තාවූ යෙදූතුන්ගෙත් ආඥාවේ ප්‍රකාරයට තමුන්ගේ ස්ථානයෙහි සිටියෝය; දොරටුපාලයෝ එක එක දොරටුවෙහි සිටියෝය. තමුන්ගේ සේවයෙන් අහක්ව යන්ට ඔවුන්ට ඕනෑකළේ නැත, මක්නිසාද ඔවුන්ගේ සහෝදරවූ ලෙවීවරු ඔවුන් උදෙසා පිළියෙළකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්