Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 6:10 - Sinhala Revised Old Version

10 ඔවුන්ට ඕනෑකරන දේ එනම් යෙරුසලමෙහි සිටින පූජකයන්ගේ නියමය ප්‍රකාර ස්වර්ගයේ දෙවියන්වහන්සේට දවන පූජා ඔප්පුකිරීමට ගොන්නාම්බන්ද බැටළුවන්ද බැටළුපැටවුන්ද තිරිඟුද ලුණුද මුද්‍රිකපානයද තෙල්ද දවස්පතා නොවරදවා ඔවුන්ට දෙනු ලැබේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 එසේ කළ යුත්තේ, ඔවුන් ස්වර්ගයේ දෙවියන් වහන්සේට මිහිරි සුවඳ ඔප්පු කර රජුගේ ද ඔහුගේ පුත්‍රයන්ගේ ද ශුභසිද්ධිය උදෙසා යාච්ඤා කරන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එසේ කළ යුත්තේ, ඔවුන් ස්වර්ගයේ දෙවියන් වහන්සේට මිහිරි සුවඳ ඔප්පු කර රජුගේ ද ඔහුගේ පුත්‍රයන්ගේ ද ශුභසිද්ධිය උදෙසා යාච්ඤා කරන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 6:10
11 හුවමාරු යොමු  

මා විසින් නුඹලා දාසකමට ගෙනගියාවූ නුවරේ සමාදානය සොයා එය උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න. මක්නිසාද එහි සමාදානයෙන් නුඹලාට සමාදානය ලැබෙයි.


ස්වර්ගයේ දෙවියන්වහන්සේ විසින් අණකර තිබෙන සියල්ල ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා හරියාකාර කරනු ලැබේවා; එසේය, රජුගෙත් ඔහුගේ පුත්‍රයන්ගෙත් රාජ්‍යය කෙරෙහි උදහස පැමිණෙන්ට වෙන්නේ මක්නිසාද?


ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරින්න.


එහෙත් ඔහු අතුණුද කකුල්ද වතුරෙන් සේදිය යුතුය. පූජකයා ඒ සියල්ල ඔප්පුකොට පූජාසනය පිට දැවිය යුතුය. ඒක ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති, ගින්නෙන් කළ දවන පූජාවක්ය.


එහෙත් ඔහු උගේ අතුණුද උගේ කකුල්ද වතුරෙන් සේදිය යුතුය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් වන දවන පූජාවක් කොට පූජකයා විසින් ඒ සියල්ල පූජාසනය පිට දැවිය යුතුය.


ස්වාමීන්වහන්සේ මිහිරි සුවඳ සිඹ තමන්වහන්සේගේ සිත තුළ කථාකරමින්: මනුෂ්‍යයා නිසා භූමියට තවත් ශාප නොකරන්නෙමි; මක්නිසාද බාල වයසේ පටන් ඔහුගේ සිතේ කල්පනා නපුරුව තිබේ; තවද මා විසින් කළ ලෙස නැවත ජීවමාන සියල්ලන්ට තවත් පහර නොදෙන්නෙමි.


ඔවුන්ට ස්වර්ගයේ දෙවියන්වහන්සේට මිහිරි සුවඳ ඔප්පුකර රජුගේද ඔහුගේ පුත්‍රයන්ගේද ජීවිත ශුභසිද්ධිය උදෙසා යාච්ඤාකරන පිණිස,


එකල නෙබුකද්නෙශර් රජ මුහුණින් වැටී, දානියෙල්ට වැඳ, ආහාර පූජාවක්ද සුවඳ ද්‍රව්‍යද ඔහුට පූජාකරන්ට අණකෙළේය.


නුඹලා කී ලෙස නුඹලාගේ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද රැගෙන යන්න; මටත් ආශීර්වාද කරන්නැයි කීවේය.


ඔහු තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රකාශයක් කරනුයේ: ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ; තවද උන්වහන්සේ යූදාහි තිබෙන යෙරුසලමෙහි උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මට අණකර තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්