Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 5:7 - Sinhala Revised Old Version

7 මෙයාකාර ලියා තිබුණ පත්‍රයක් ඔව්හු ඔහුට ඇරියෝය. එනම්–දාරියුෂ් රජ්ජුරුවන්ට සියලු ආකාරයෙන් සමාදානය වේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔවුන් යැවූ රපෝර්තුවේ මෙසේ ලියා තිබිණි: “දාරියුස් රජු හට සව් සෙත් වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔවුන් යැවූ රපෝර්තුවේ මෙසේ ලියා තිබිණි: “දාරියුස් රජු හට සව් සෙත් වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 5:7
8 හුවමාරු යොමු  

සමාදානයේ ස්වාමීන්වහන්සේම නුඹලාට නිතරම සියලු ආකාරයෙන් සමාදානය දෙනසේක්වා. ස්වාමීන්වහන්සේ නුඹලා සියල්ලන් සමඟ සිටිනසේක්වා.


නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.


එවිට දානියෙල් රජුට කථාකොට: රජ්ජුරුවෙනි, ඔබ සදාකාලයටම ජීවත්වේවා.


නෙබුකද්නෙශර් රජු විසින් මුළු පොළොවේ වාසයකරන සකල ජනයන්ටත් ජාතීන්ටත් භාෂාවන්ටත් ලියා එවන වගනම්: නුඹලාට සමාදානය වැඩිවේවා.


ඔව්හු නෙබුකද්නෙශර් රජුට කථාකොට: රජ්ජුරුවෝ සදාකාලේටම ජීවත්වේවා.


එවිට රජ්ජුරුවෝ රෙහුම් ආණ්ඩුකාරයාටත් ෂිම්ෂයි ලේකම්ටත් සමාරියේ වාසයකළ ඔවුන්ගේ අනික් සහකාරයන්ටත් ගඟ එගොඩ සිටින අනික් තැනැත්තන්ටත් උත්තරයක් වශයෙන් ලියා ඇරියේ මෙසේය: සමාදානය වේවා යනාදියෙන් ලියා එවන වගනම්–


ගඟ මෙගොඩ සිටි දිශාධිපති තැනවූ තත්තෙනයිද ෂෙතර්-බෝසෙනයිද ගඟ මෙගොඩ සිටි අපර්සෙකාවරුන්වූ ඔහුගේ සහකාරයන්ද විසින් දාරියුෂ් රජුට යැවූ ලියුම් පිටපතය.


රජ්ජුරුවන් වෙත දන්වා එවන වගනම්: අපි යූදා රටේ තිබෙන උතුම්වූ දෙවියන්වහන්සේගේ ගෘහයට ගියෙමුව, ඒක ලොකු ගල්වලින් ගොඩනගාගන යති, බිත්ති පිට ලී තබා තිබේ, මේ වැඩේ ඉක්මනින් කෙරී ඔවුන් අතේ දියුණුවෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්