Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 5:6 - Sinhala Revised Old Version

6 ගඟ මෙගොඩ සිටි දිශාධිපති තැනවූ තත්තෙනයිද ෂෙතර්-බෝසෙනයිද ගඟ මෙගොඩ සිටි අපර්සෙකාවරුන්වූ ඔහුගේ සහකාරයන්ද විසින් දාරියුෂ් රජුට යැවූ ලියුම් පිටපතය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි දිශාධිපති තැන වූ තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි පර්සියානු නිලධාරීන් වූ ඔහුගේ සහකාරයන් ද විසින් දාරියුස් රජුට යැවුණු ලිපියේ පිටපත මතු දැක්වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි දිශාධිපති තැන වූ තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි පර්සියානු නිලධාරීන් වූ ඔහුගේ සහකාරයන් ද විසින් දාරියුස් රජුට යැවුණු ලිපියේ පිටපත මතු දැක්වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 5:6
7 හුවමාරු යොමු  

එවිට ආණ්ඩුකාරයාවූ රෙහුම්ද ලේකම්වූ ෂිම්ෂයිද ඔවුන්ගේ අනික් සහකාරයෝ වන දිනාවරුද අපර්සත්කාවරුද ටර්පෙලාවරුද අපාර්සාවරුද අර්කෙවාවරුද බබිලෝනිවරුද ෂූෂන්කාවරුද දේහාවරුද ඒලාම්වරුද,


ඒ නිසා ගඟ එගොඩ සිටින දිශාධිපති තැන වන තත්තෙනයිද ෂෙතර්-බෝසෙනයිද ගඟ එගොඩ සිටින අපර්සෙකාවරු වන නුඹලාගේ සහකාරයෝද යන නුඹලා එතැනින් ඈත්ව සිටින්න.


ඒ කාලයේදී ගඟ මෙගොඩ සිටි තත්තෙනයි නම් දිශාධිපතියාද ෂෙතර්-බෝසෙනයිද ඔවුන්ගේ සහකාරයෝද ඔවුන් ළඟට ඇවිත් කථාකොට: මේ ගෘහය ගොඩනගන්ටත් මේ පවුර නිමකරන්ටත් නුඹලාට නියෝගයක් කළේ කවුදැයි ඔවුන්ගෙන් ඇසුවෝය.


අර්තක්ෂස්තා රජුගේ ලියුමේ පිටපත රෙහුම්ද ෂිම්ෂයි ලේකම්ද ඔවුන්ගේ සහකාරයන්ද ඉදිරියෙහි කියෙවූ හැටියේම ඔව්හු යෙරුසලමෙහි සිටි යුදෙව්වරුන් ළඟට ඉක්මනින් ගොස් බලාත්කාරයෙන් හා බලයෙන් ඔවුන් නැවත්තුවෝය.


ඔවුන් අර්තක්ෂස්තා රජු වෙතට ලියා ඇරිය ලියුමේ පිටපත මේය: ගඟ මෙගොඩ සිටින මනුෂ්‍යයන් ආදිවූ ඔබගේ දාසයන් විසින් ලියා එවන වග නම්–


මෙයාකාර ලියා තිබුණ පත්‍රයක් ඔව්හු ඔහුට ඇරියෝය. එනම්–දාරියුෂ් රජ්ජුරුවන්ට සියලු ආකාරයෙන් සමාදානය වේවා.


තවද ඔව්හු රජුගේ ආඥා ගඟ මෙගොඩ සිටිය රජුගේ දිශාධිපතීන්ටත් ආණ්ඩුකාරයන්ටත් භාරදුන්නෝය. ඔව්හු සෙනඟටත් දෙවියන්වහන්සේගේ ගෘහයටත් උපකාරකළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්