Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 5:15 - Sinhala Revised Old Version

15 මේ බඩු ගෙන ගොස් යෙරුසලමෙහි තිබෙන මාලිගාවෙහි තබන්න, දෙවියන්වහන්සේගේ ගෘහයද ස්වකීය ස්ථානයෙහි ගොඩනගනු ලබාවයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඔහු කතා කොට, ‘මේ භාණ්ඩ ගෙන ගොස් ජෙරුසලමෙහි තිබෙන මාලිගාවේ තබන්න; දෙවියන් වහන්සේගේ මාලිගාව ද කලින් තිබූ ස්ථානයෙහි ගොඩනඟනු ලබාවා’යි ද කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඔහු කතා කොට, ‘මේ භාණ්ඩ ගෙන ගොස් ජෙරුසලමෙහි තිබෙන මාලිගාවේ තබන්න; දෙවියන් වහන්සේගේ මාලිගාව ද කලින් තිබූ ස්ථානයෙහි ගොඩනඟනු ලබාවා’යි ද කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 5:15
5 හුවමාරු යොමු  

කෝරෙෂ් රජුගේ පළමුවෙනි අවුරුද්දේදී කෝරෙෂ් රජ යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය ගැන නියෝගයක් කෙළේය. ඒ මෙසේය: ඒ ගෘහය පූජා ඔප්පුකරන ස්ථානයක් කොට ගොඩනගනු ලැබේවා, ඒකේ අත්තිවාරම් සවිකොට පිහිටුවනු ලැබේවා; හැට රියනක් උසටද හැට රියනක් පළලටද,


ඔව්හු පූජාසනය ඊට නියම ස්ථානයෙහි පිහිටෙවුවෝය; මක්නිසාද ඔව්හු ඒ රටවල සිටි ජනයන් ගැන භයපත්ව සිටියෝය. ඔව්හු ස්වාමීන්වහන්සේට දවන පූජා එනම් උදය සවස පූජා ඒ පූජාසනය පිට ඔප්පුකළෝය.


ඔහු තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රකාශයක් කරනුයේ: ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ; තවද උන්වහන්සේ යූදාහි තිබෙන යෙරුසලමෙහි උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මට අණකර තිබේ.


තවද නෙබුකද්නෙශර් යෙරුසලමෙහි තිබුණු මාලිගාවෙන් ගෙනගොස් බබිලෝනියේ දේවාලයේ තැබූ දෙවියන්වහන්සේගේ ගෘහයේ රන් රිදී භාණ්ඩ කෝරෙෂ් රජු බබිලෝනියේ දේවාලයෙන් රැගෙන තමා විසින් දිශාධිපතියා කළාවූ ෂෙෂ්බශර් යන නාමය ඇති තැනැත්තාට භාරදී ඔහුට කථාකොට:


එවිට එම ෂෙෂ්බශර් ඇවිත් යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම තැබුවේය. එතැන් පටන් මේ ගෘහය ගොඩනගන්ට කෝරෙෂ් රජු විසින් නියෝගයක් කරනලදදැයි බබිලෝනියේ තිබෙන රජ්ජුරුවන්ගේ භාණ්ඩාගාරයෙහි සොයා බලවා මේ කාරණය ගැන රජ්ජුරුවන්ගේ කැමැත්ත අපට දන්වා එවුව මැනව කියාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්