Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 5:14 - Sinhala Revised Old Version

14 තවද නෙබුකද්නෙශර් යෙරුසලමෙහි තිබුණු මාලිගාවෙන් ගෙනගොස් බබිලෝනියේ දේවාලයේ තැබූ දෙවියන්වහන්සේගේ ගෘහයේ රන් රිදී භාණ්ඩ කෝරෙෂ් රජු බබිලෝනියේ දේවාලයෙන් රැගෙන තමා විසින් දිශාධිපතියා කළාවූ ෂෙෂ්බශර් යන නාමය ඇති තැනැත්තාට භාරදී ඔහුට කථාකොට:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 තවද, නෙබුකද්නෙශර් රජු ජෙරුසලමෙහි තිබුණු මාලිගාවෙන් ගෙන ගොස්, බබිලෝනියේ දේවාලයේ තැබූ දෙවියන් වහන්සේගේ මාලිගාවේ රන් රිදී භාණ්ඩ, සයිරස් රජ බබිලෝනියේ දේවාලයෙන් රැගෙන, තමා දිශාධිපතියා වශයෙන් පත් කළ ෂෙෂ්බශර් යන නාමය ඇති තැනැත්තාට භාර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 තවද, නෙබුකද්නෙශර් රජු ජෙරුසලමෙහි තිබුණු මාලිගාවෙන් ගෙන ගොස්, බබිලෝනියේ දේවාලයේ තැබූ දෙවියන් වහන්සේගේ මාලිගාවේ රන් රිදී භාණ්ඩ, සයිරස් රජ බබිලෝනියේ දේවාලයෙන් රැගෙන, තමා දිශාධිපතියා වශයෙන් පත් කළ ෂෙෂ්බශර් යන නාමය ඇති තැනැත්තාට භාර දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 5:14
16 හුවමාරු යොමු  

තවද නෙබුකද්නෙශර් විසින් යෙරුසලමෙහි තිබෙන මාලිගාවෙන් රැගෙන බබිලෝනියට ගෙනෙනලද දෙවියන්වහන්සේගේ ගෘහයේ රන් රිදී භාණ්ඩ ආපසු දෙනු ලැබ යෙරුසලමෙහි තිබෙන මාලිගාවේ නියම තැන්වල තිබීමට ගෙනයනු ලබාවා, ඒවා දෙවියන්වහන්සේගේ ගෘහයෙහි නුඹ විසින් තැබිය යුතුය යනුය.


තළිද ගිනි-භාජනද තාළිද ඇතිළිද පහන් කඳුද පාත්‍රාද කෙන්ඩිද යන රන් බඩුවල රන්ද රිදී බඩුවල රිදීද රැකවලුන්ගේ අධිපතියා ගෙනගියේය.


එවිට එම ෂෙෂ්බශර් ඇවිත් යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහයේ අත්තිවාරම තැබුවේය. එතැන් පටන් මේ ගෘහය ගොඩනගන්ට කෝරෙෂ් රජු විසින් නියෝගයක් කරනලදදැයි බබිලෝනියේ තිබෙන රජ්ජුරුවන්ගේ භාණ්ඩාගාරයෙහි සොයා බලවා මේ කාරණය ගැන රජ්ජුරුවන්ගේ කැමැත්ත අපට දන්වා එවුව මැනව කියාය.


එකල අධිපති තෙමේ සිද්ධවූ දේ දැක, ස්වාමීන්වහන්සේගේ ඉගැන්වීමට විස්මපත්ව, අදහාගත්තේය.


යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල්ට කථාකොට මෙසේ කියන්න; මම අහස සහ පොළොවත් සොලවන්නෙමි.


ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල්ටත් යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාටත් සෙනඟගෙන් අනික් අයටත් කථාකොට මෙසේ කියන්න:


තවද ස්වාමීන්වහන්සේ ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල්ගේ ආත්මයද යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාගේ ආත්මයද සෙනඟගෙන් අනික් සියල්ලන්ගේ ආත්මද පුබුදුකළසේක.


දාරියුස් රජුගේ දෙවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ පළමුවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ, යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල් වෙතටත් උත්තම පූජකවූ යෙහෝශාදාක්ගේ පුත්‍රවූ යෝෂුවා වෙතටත් පැමිණ මෙසේ කීය.


රජුගේ සිත දිය පාරවල් මෙන් ස්වාමීන්වහන්සේගේ අතෙහි පවතී; උන්වහන්සේ කැමැති අතකට ඒක හරවනසේක.


මෙසේ යෙරුසලමෙහි තිබෙන ස්වාමීන්වහන්සේගේ ගෘහය අලංකාර කරන්ට රජුගේ සිතෙහි කැමැත්තක් ඉපදෙවූවාවූ, රජද රජුගේ මන්ත්‍රීවරුන්ද රජුගේ සියලු බලවන්ත අධිපතීන්ද ඉදිරියෙහි මට කරුණාව ලැබීමට සැලස්සුවාවූ අපේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා.


ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයේ ලොකු කුඩා සියලු භාණ්ඩද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වස්තුද රජුගෙත් ඔහුගේ අධිපතීන්ගෙත් වස්තුද යන සියල්ලම බබිලෝනියට ගෙනගියේය.


ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සමහර භාණ්ඩත් නෙබුකද්නෙශර් බබිලෝනියට ගෙනගොස් බබිලෝනියේ තමාගේ මාලිගාවෙහි තැබුවේය.


මේ බඩු ගෙන ගොස් යෙරුසලමෙහි තිබෙන මාලිගාවෙහි තබන්න, දෙවියන්වහන්සේගේ ගෘහයද ස්වකීය ස්ථානයෙහි ගොඩනගනු ලබාවයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්