Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 4:17 - Sinhala Revised Old Version

17 එවිට රජ්ජුරුවෝ රෙහුම් ආණ්ඩුකාරයාටත් ෂිම්ෂයි ලේකම්ටත් සමාරියේ වාසයකළ ඔවුන්ගේ අනික් සහකාරයන්ටත් ගඟ එගොඩ සිටින අනික් තැනැත්තන්ටත් උත්තරයක් වශයෙන් ලියා ඇරියේ මෙසේය: සමාදානය වේවා යනාදියෙන් ලියා එවන වගනම්–

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එවිට රජතුමා මේ පිළිතුර යැවී ය: “රෙහුම් ආණ්ඩුකාරයාටත්, ෂිම්ෂයි ලේකම්ටත්, සමාරියේ වාසය කරන ඔවුන්ගේ සෙසු සහකාරයන්ටත්, යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින සෙසු අයටත් සෙත් වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එවිට රජතුමා මේ පිළිතුර යැවී ය: “රෙහුම් ආණ්ඩුකාරයාටත්, ෂිම්ෂයි ලේකම්ටත්, සමාරියේ වාසය කරන ඔවුන්ගේ සෙසු සහකාරයන්ටත්, යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින සෙසු අයටත් සෙත් වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 4:17
11 හුවමාරු යොමු  

ඔවුන් අතරෙහි නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සන්තකවන පිණිස කැඳවනු ලැබුවහුය.


ක්ලෞදියස් ලිසියස් විසින් අති උත්තමවූ පීලික්ස් නම් ආණ්ඩුකාරයාණන්ට ශුභසිද්ධවේවයි ලියා එවන වග නම්–


නුඹලා යම් ගෙයකට ඇතුල්වූ කල: මේ ගෙට සමාදානය වේවයි පළමුකොට කියන්න.


රාජාධිරාජවූ අර්තක්ෂස්තා විසින් ස්වර්ගයේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවේ සම්පූර්ණ ලියන්නෙක්ව සිටින පූජකවූ එස්රාට…යනාදි ලියාඑවන වගනම්–


මෙයාකාර ලියා තිබුණ පත්‍රයක් ඔව්හු ඔහුට ඇරියෝය. එනම්–දාරියුෂ් රජ්ජුරුවන්ට සියලු ආකාරයෙන් සමාදානය වේවා.


තවද අර්තක්ෂස්තාගේ දවස්වලදී බිෂ්ලාම්ද මිත්‍රෙදාත්ද මාබෙයෙල්ද ඔහුගේ අනික් සහකාරයෝද පාර්සියාවේ රජවූ අර්තක්ෂස්තාට ලියුමක් ලියා ඇරියෝය; ඒ ලියුම අරාම් අකුරුවලින්ද අරාම් භාෂාවෙන්ද ලියනලද්දේය.


මේ නුවර ගොඩනගා පවුරු සාදා නිමකළොත් ගඟ මෙගොඩ ඔබට කිසි කොටසක් ඉතුරු නොවන බව අපි රජ්ජුරුවන්ට දන්වා සිටිමුව යනුය.


නුඹලා අපට එවූ ලියුම මා ඉදිරියෙහි පැහැදිලිලෙස කියවනලද්දේය;


නෙබුකද්නෙශර් රජු විසින් මුළු පොළොවේ වාසයකරන සකල ජනයන්ටත් ජාතීන්ටත් භාෂාවන්ටත් ලියා එවන වගනම්: නුඹලාට සමාදානය වැඩිවේවා.


එකල දාරියුස් රජ මුළු පොළොවෙහි වසන සියලු ජනයන්ටත් ජාතීන්ටත් භාෂාවන්ටත් ලියා යවනුයේ: නුඹලාට සමාදානය වැඩිවේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්