Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 4:16 - Sinhala Revised Old Version

16 මේ නුවර ගොඩනගා පවුරු සාදා නිමකළොත් ගඟ මෙගොඩ ඔබට කිසි කොටසක් ඉතුරු නොවන බව අපි රජ්ජුරුවන්ට දන්වා සිටිමුව යනුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 මේ නගරය ගොඩනඟා පවුරු සාදා නිම කරනු ලැබුවොත්, යුප්‍රටීස් ගඟින් මෙගොඩ ඔබට කිසි පෙදෙසක් අයිති නොවන බව අපි ඔබ තුමාට දන්වා සිටිමු.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 මේ නගරය ගොඩනඟා පවුරු සාදා නිම කරනු ලැබුවොත්, යුප්‍රටීස් ගඟින් මෙගොඩ ඔබට කිසි පෙදෙසක් අයිති නොවන බව අපි ඔබ තුමාට දන්වා සිටිමු.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 4:16
5 හුවමාරු යොමු  

ගඟ එගොඩ තිබෙන මුළු රට ආණ්ඩුකළ බලවත් රජුන් යෙරුසලමෙහි සිටි බවත් තීරුවද ආදායම්ද සුංගම්ද ඔවුන්ට දෙනලද බවත් දැනගන්ට ලැබුණේය.


මක්නිසාද ඔහු තිප්සා පටන් ගාශා දක්වාම ගංගාවෙන් මෙගොඩ තිබෙන මුළු දේශයද ගංගාවෙන් මෙගොඩ සියලු රජුන්ද කෙරෙහි ආණ්ඩුකෙළේය. ඔහු අවට සෑම දිශාවලද ඔහුට සමාදානය තිබුණේය.


තවද රෙහෝබ්ගේ පුත්‍රයාවූ ශෝබාහි රජවූ හදද්එසෙර් ප්‍රාත් ගංගාව ළඟ තමාගේ බලය නැවත පිහිටුවන්ට යද්දී දාවිත් ඔහුටත් පහරදී,


මෙසේ ඔබ ලේකම් පොතෙහි සොයා බැලුවොත් මේ නුවර කැරළිකාරවූ, රජවරුන්ටත් රටවලටත් අලාභකරන්නාවූ නුවරක් බවත්, පුරාණ කාලයේ පටන් එහි ද්‍රෝහිකම් උපදවනලද බවත්, එම කාරණය නිසා ඒ නුවර නාස්තිකරනලද බවත් ඔබට දැනගන්ට ලැබෙනවා ඇත.


එවිට රජ්ජුරුවෝ රෙහුම් ආණ්ඩුකාරයාටත් ෂිම්ෂයි ලේකම්ටත් සමාරියේ වාසයකළ ඔවුන්ගේ අනික් සහකාරයන්ටත් ගඟ එගොඩ සිටින අනික් තැනැත්තන්ටත් උත්තරයක් වශයෙන් ලියා ඇරියේ මෙසේය: සමාදානය වේවා යනාදියෙන් ලියා එවන වගනම්–


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්