Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 3:9 - Sinhala Revised Old Version

9 එවිට යේෂුවා සහ ඔහුගේ පුත්‍රයෝද සහෝදරයෝද කද්මීයෙල් සහ ඔහුගේ පුත්‍රයෝවූ යූදාගේ පුත්‍රයෝ සහ හෙනාදාද්ගේ පුත්‍රයෝද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද යන ලෙවීවරු දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩකරන්නන් බලා ගැනීමට එක්කෙනෙකු මෙන් සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එවිට ජේෂුවා සහ ඔහුගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද කද්මියෙල් සහ ඔහුගේ පුත්‍රයන් වූ ජුදාගේ පුත්‍රයෝ සහ හෙනාදාද්ගේ පුත්‍රයෝ ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද යන ලෙවීවරු එකමුතු ව දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩ කරන්නන් පිළිබඳ වගකීම තමන් අතරේ බෙදාගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එවිට ජේෂුවා සහ ඔහුගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද කද්මියෙල් සහ ඔහුගේ පුත්‍රයන් වූ ජුදාගේ පුත්‍රයෝ සහ හෙනාදාද්ගේ පුත්‍රයෝ ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද යන ලෙවීවරු එකමුතු ව දෙවියන් වහන්සේගේ මාලිගාවේ වැඩ කරන්නන් පිළිබඳ වගකීම තමන් අතරේ බෙදාගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 3:9
6 හුවමාරු යොමු  

ලෙවීවරු නම්: හෝදවියාගේ පුත්‍රයන්ගෙන්වූ යේෂුවාගේද කද්මීයෙල්ගේද පුත්‍රයෝ හැත්තෑ හතර දෙනෙක්ය.


ලෙවීවරු නම්: හෝදෙවාගේ පුත්‍රයන්ගෙන් කෙනෙක්වූ කද්මීයෙල්ගෙන් පැවත ආවාවූ යේෂුවාගේ පුත්‍රයෝ හැත්තෑහතර දෙනෙක්ය.


මෙසේ යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය වෙතට ඔවුන්ගේ පැමිණීමේ දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේදී ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාද ඔවුන්ගේ අනික් සහෝදරයෝවූ පූජකයෝද ලෙවීවරුද වාල්කමෙන් මිදී යෙරුසලමට ආ සියල්ලෝද පටන්ගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වැඩ බලාගැනීමට විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට වයස් ඇති ලෙවීවරුන් නියමකළෝය.


මොවුන්ගෙන් විසිහතර දහසක් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වැඩ බලාගැනීමට සිටියෝය; හදහසක් මුලාදෑනියෝව විනිශ්චයකාරයෝව සිටියෝය.


ඒ මනුෂ්‍යයෝ විශ්වාසලෙස වැඩකළෝය. වැඩ බලා කරවීමට ඔවුන් කෙරෙහි මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ලෙවීවරුවූ යහත්ද ඔබදියාද කොහාත්ගේ පුත්‍රයන්ගෙන් සෙකරියාද මෙෂුල්ලාම්ද පත්වී සිටියෝය. ලෙවීවරු සියල්ලෝම තූර්ය භාණ්ඩ ගැන තේරුම් ඇති අය වූහ.


ඔහු ගාව හෙනාදාද්ගේ පුත්‍රවූ බින්නුයි අසරියාගේ ගෙය පටන් පවුරේ හැරෙන තැන සහ කොන දක්වාත් තව කොටසක් අලුත්වැඩියාකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්