Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 3:3 - Sinhala Revised Old Version

3 ඔව්හු පූජාසනය ඊට නියම ස්ථානයෙහි පිහිටෙවුවෝය; මක්නිසාද ඔව්හු ඒ රටවල සිටි ජනයන් ගැන භයපත්ව සිටියෝය. ඔව්හු ස්වාමීන්වහන්සේට දවන පූජා එනම් උදය සවස පූජා ඒ පූජාසනය පිට ඔප්පුකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔව්හු විදෙස්වල ජනයාට බියෙන් සිටි නමුත්, පූජාසනය කලින් තිබුණ ස්ථානයෙහි පිහිටෙව්වෝ ය. ඔව්හු ඒ පූජාසනය මත උදය සවස සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔව්හු විදෙස්වල ජනයාට බියෙන් සිටි නමුත්, පූජාසනය කලින් තිබුණ ස්ථානයෙහි පිහිටෙව්වෝ ය. ඔව්හු ඒ පූජාසනය මත උදය සවස සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 3:3
11 හුවමාරු යොමු  

එවිට දේශයේ සෙනඟ යූදා සෙනඟගේ අත් දුර්වලකර, ගොඩනැගීමේදී ඔවුන් කලඹා,


ඔහු පිත්තල පූජාසනයක් සෑදුවේය. ඒකේ දිග විසි රියනක්ය, පළල විසි රියනක්ය, උස දස රියනක්ය.


පූජකවූ ශාදොක්ද පූජකයන්වූ ඔහුගේ සහෝදරයන්ද, ගිබියොන්හි උස්තැන තිබෙන ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය ඉදිරියෙහි සිටින්ට නියමකෙළේය.


මේ බඩු ගෙන ගොස් යෙරුසලමෙහි තිබෙන මාලිගාවෙහි තබන්න, දෙවියන්වහන්සේගේ ගෘහයද ස්වකීය ස්ථානයෙහි ගොඩනගනු ලබාවයි කීවේය.


උඩ කොට්ඨාසයේ දිග රියන් දොළොසක්ය, පළලත් දොළොසක්ය, හතර පැත්ත හතරැස්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්