Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 2:58 - Sinhala Revised Old Version

58 නෙතිනීම්වරුද සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝද යන සියල්ලෝ තුන්සිය අනූ දෙදෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

58 දේව මාලිගාවේ සේවකයෝ ද සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද යන සියල්ලෝ තුන්සිය අනූදෙදෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

58 දේව මාලිගාවේ සේවකයෝ ද සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද යන සියල්ලෝ තුන්සිය අනූදෙදෙනෙක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 2:58
12 හුවමාරු යොමු  

තමුන්ගේ උරුමවලද නුවරවලද වාසයකළ පළමුවෙනි වැසියෝ නම්: ඉශ්‍රායෙල්වරුත් පූජකයොත් ලෙවීවරුත් නෙතිනිම්වරුත්ය.


දේශයෙහි ඉතිරිව සිටියාවූ ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සාලමොන් අද දවස දක්වා රාජකාරියට දාසයන් ගණනක් ගත්තේය.


අද දක්වා තිබෙන හැටියට යෝෂුවා ඒ දවසේ ඔවුන් සභාවටත් ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයෙහි උන්වහන්සේගේ පූජාසනයටත් දර කපන්නන්ද දිය අදින්නන්ද කෙළේය.


ඉතින් නුඹලා ශාපලද්දෝය, නුඹලාගෙන් මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට දර කපන්නෝද දිය අදින්නෝද යන දාසයෝ කිසි කලක තොරනොවන්නාහයි ඔවුන්ට කීවේය.


තවද අධිපතීහු ඔවුන්ට කථාකොට: ඔව්හු ජීවත්වෙත්වයි කීවෝය. අධිපතීන් විසින් ඔවුන්ට කී හැටියට ඔව්හු වනාහි මුළු සභාවට දර කපන්නෝද දිය අදින්නෝද වූහ.


නෙතිනීම්වරුද සාලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද යන සියල්ලෝ තුන්සිය අනූ දෙදෙනෙක්ය.


(එකල නෙතිනීම්වරු නැගෙනහිර දිසාවේ වතුර දොරටුවද පිටතින් තිබෙන කොතද ඉදිරිපිට තැන දක්වා ඕපෙල්හි විසුවෝය.)


තවද අර්තක්ෂස්තා රජුගේ සත්වෙනි අවුරුද්දේදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන්ද පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද ගායනාකාරයන්ගෙන්ද දොරටුපාලයන්ගෙන්ද නෙතිනීම්වරුන්ගෙන්ද සමහරුත් යෙරුසලමට ආවෝය.


ෂෙපටියාගේ පුත්‍රයෝය, හට්ටීල්ගේ පුත්‍රයෝය, පොකෙරෙත්-හශ්ශෙබායිම්ගේ පුත්‍රයෝය, ආමීගේ පුත්‍රයෝය.


තේල්-මෙලා, තේල්-හර්ෂා, කෙරුබ්, අද්දාන්, ඉම්මේර් යන ස්ථානවල සිට ආවාවූ, තමුන් ඉශ්‍රායෙල්වරුන් බවට තමුන්ගේ පිය පෙළපතත් තමුන්ගේ වංශයත් පෙන්වන්ට බැරිවුණාවූ අය නම්:


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් නුවූ, ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මුළුමනින්ම විනාශකර දමන්ට බැරිවුණාවූ අමෝරිවරුන්ගෙන්ද හිත්තීවරුන්ගෙන්ද පෙරිස්සිවරුන්ගෙන්ද හිවීවරුන්ගෙන්ද යෙබූසිවරුන්ගෙන්ද ඉතිරිවුණ සියලු ජාතීන්ට පසුව,


මම දාසයන්ද දාසීන්ද මිලේට ගතිමි, මාගේ ගෙයි උපන් වැඩකාරයොත් මට සිටියෝය; යෙරුසලමෙහි මට ඉස්සර සිටි සියල්ලන්ට වඩා ගව රැළවල් හා එළු බැටළු රැළවල් මට උන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්