Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 10:18 - Sinhala Revised Old Version

18 පූජකයන්ගේ පුත්‍රයන් අතරෙන් අන්‍ය ජාති ස්ත්‍රීන් සරණපාවාගත් සමහර දෙනෙක් සම්බවූවෝය. එනම්: යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාගේ පුත්‍රයන්ගෙන්ද ඔහුගේ සහෝදරයන්ගෙන්ද මයසේයා, එලීයෙසෙර්, යාරිබ් සහ ගෙදලියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 පූජකයන්ගේ පුත්‍රයන් අතරෙන් අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගත් සමහර දෙනෙක් සම්බ වූ හ. එනම්: ජෝශාදාක්ගේ පුත් ජේෂුවාගේ පුත්‍රයන්ගෙන් ද ඔහුගේ සහෝදරයන්ගෙන් ද මයසේයා, එලියෙසෙර්, ජාරීබ් සහ ගෙදලියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 පූජකයන්ගේ පුත්‍රයන් අතරෙන් අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගත් සමහර දෙනෙක් සම්බ වූ හ. එනම්: ජෝශාදාක්ගේ පුත් ජේෂුවාගේ පුත්‍රයන්ගෙන් ද ඔහුගේ සහෝදරයන්ගෙන් ද මයසේයා, එලියෙසෙර්, ජාරීබ් සහ ගෙදලියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 10:18
27 හුවමාරු යොමු  

තවද උත්තම පූජකයාවූ යෝෂුවා ස්වාමීන්වහන්සේගේ දූතයා ඉදිරියෙහිද, ඔහුගේ එදිරිකාරයා වන පිණිස සාතන් ඔහුගේ දකුණු පැත්තෙහිද සිටිනවා ඔහු මට පෙන්නුවේය.


දාරියුස් රජුගේ දෙවෙනි අවුරුද්දේ හවෙනි මාසයේ පළමුවෙනිදා ස්වාමීන්වහන්සේගේ වචනය අනාගතවක්තෘවූ හග්ගයි කරණකොටගෙන ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ, යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල් වෙතටත් උත්තම පූජකවූ යෙහෝශාදාක්ගේ පුත්‍රවූ යෝෂුවා වෙතටත් පැමිණ මෙසේ කීය.


එවිට ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාද නැගිට යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට පටන්ගත්තෝය; ඔවුන් සමඟ දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘවරුද ඔවුන්ට උපකාරකරමින් සිටියෝය.


එකල යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාද පූජකයෝවූ ඔහුගේ සහෝදරයෝද ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද ඔහුගේ සහෝදරයෝද නැගිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස දවන පූජා ඔප්පුකරන පිණිස ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේගේ පූජාසනය ගොඩනැගුවෝය.


සෙරුබ්බාබෙල්ද යේෂුවාද නෙහෙමියාද සෙරායාද රේලායාද මොර්දෙකයිද බිල්ෂාන්ද මිස්පාර්ද බිග්වායිද රෙහුම්ද බානාද සමඟ හැරී ආවාවූ රටේ පුත්‍රයෝ මොව්හුය. ඉශ්‍රායෙල් සෙනඟවූ මනුෂ්‍යයන්ගේ ගණන මෙසේය:


එසේම ස්ත්‍රීවරුන් සන්සුන්වූ, කේලාම් නොකියන්නාවූ, පමණ දැන හැසිරෙන්නාවූ, සියල්ලේදී විශ්වාසවූ අයව සිටින්ට ඕනෑය.


ඔව්හු වැන්දඹුවක්වත් අත්හරිනු ලැබූ ස්ත්‍රියෙක්වත් නොව ඉශ්‍රායෙල් වංශයේ කන්‍යාවන් සරණපාවා ගනිත්වා; නුමුත් පූජකයෙකුගේ වැන්දඹුවක්ව සිටින ස්ත්‍රියෙක් පාවාගන්ට ඔවුන්ට පුළුවන.


යෙරුසලමේ ප්‍රොපේතවරුන් අතරෙහිත් භයංකරවූ දෙයක් වන කාමමිථ්‍යාචාරය කිරීමත් බොරුකාරකමෙන් හැසිරීමත් දුටිමි. මෙසේ කිසිවෙක් තමාගේ නපුරුකමෙන් නොහැරෙන හැටියට ඔව්හු නපුරකරන්නන්ගේ අත් සවිකරති. ඔවුන් සියල්ලෝම මට සොදොම මෙන්ද එහි වැසියෝ ගොමොරාව මෙන්ද වී සිටිති.


මක්නිසාද ප්‍රොපේතවරයා සහ පූජකයාත් දූෂ්‍යවී සිටිති; එසේය, මාගේ ගෘහයෙහි පවා ඔවුන්ගේ නපුරුකම මට සම්බවීයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


උත්තම පූජකවූ එලියාෂීබ්ගේ පුත්‍රයා වන යෝයාදාගේ පුත්‍රයෙක් හොරොනිය සන්බලාට්ට බෑනාව සිටිය නිසා ඔහු මා වෙතින් එළෙවුවෙමි.


යේෂුවාට දාව යෝයාකීම් උපන්නේය, යෝයාකීම්ට දාව එලියාෂීබ් උපන්නේය, එලියාෂීබ්ට දාව යෝයාදා උපන්නේය,


තවද යේෂුවාද බානීද ෂේරෙබියාද යාමීන්ද අක්කූබ්ද ෂබ්බෙතයිද හෝදියාද මයසේයාද කෙලීටාද අසරියාද යෝසාබාද්ද හානාන්ද පෙලායාද ලෙවීවරුද ව්‍යවස්ථාව සෙනඟට තේරුම්කරදුන්නෝය. සෙනඟ තමුන්ගේ ස්ථානයෙහි සිටියෝය.


ඒ පිණිස සාදනලද ලී මංචකයක් පිට ලියන්නාවූ එස්රා සිටියේය; ඔහු ළඟ ඔහුගේ දකුණු පැත්තෙන් මත්තිතියාද ෂෙමාද අනායාද උරියාද හිල්කියාද මයසේයාද; වම් පැත්තෙන් පෙදායාද මිෂායෙල්ද මල්කියාද හාෂූම්ද හෂ්බද්දානාද ශෙකරියාද මෙෂුල්ලාම්ද සිටියෝය.


මේ කාරණා නිමවූ කල අධිපතීහු මා ළඟට ඇවිත් කථාකොට: ඉශ්‍රායෙල් සෙනඟත් පූජකයොත් ලෙවීවරුත් දේශවල වැසියන්වූ කානාන්වරුන්ගේද හිත්තීවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද යෙබූසිවරුන්ගේද අම්මෝනිවරුන්ගේද මෝවබ්වරුන්ගේද මිසරවරුන්ගේද අමෝරිවරුන්ගේද පිළිකුල් ක්‍රියා කරමින්, ඔවුන්ගෙන් වෙන්නොවී සිට,


ඔව්හු වේශ්‍යාවක්වත් කිලුටු කරනු ලැබූ තැනැත්තියෙක්වත් පුරුෂයාගෙන් පහකරනු ලැබූ ස්ත්‍රියෙක්වත් පාවා නොගනිත්වා. මක්නිසාද ඔහු තමාගේ දෙවියන්වහන්සේට ශුද්ධ කෙනෙක්ය.


ඔව්හු තමුන්ටත් තමුන්ගේ පුත්‍රයන්ටත් ඔවුන්ගේ දූවරුන්ගෙන් භාර්යාවන් ගත්තෝය; මෙසේ ශුද්ධ වංශය දේශවල ජනයන් සමඟ මිශ්‍රවූය. එසේය, මේ අපරාධයට මූලිකවූවෝත් අධිපතීන් හා මුලාදෑනියෝයයි කීවෝය.


අන්‍ය ජාති ස්ත්‍රීන් සරණපාවාගෙන සිටි සියලු මනුෂ්‍යයන් ගැන කාරණය ඔව්හු පළමුවෙනි මාසයේ පළමුවෙනිදා තීන්දුකළෝය.


එකල ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාද සෙනඟගෙන් අනික් සියල්ලෝද තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬටත් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් එවූ අනාගතවක්තෘවූ හග්ගයිගේ වචනවලටත් කීකරුවූවෝය; එසේ සෙනඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි භයවූවෝය.


එහෙත්, සෙරුබ්බාබෙල්, දැන් බලවත්ව සිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක; යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවා, නුඹත් බලවත්ව සිටින්න; දේශයේ සෙනඟ සියල්ලෙනි, නුඹලාත් බලවත්ව සිට වැඩකරන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මම නුඹලා සමඟ සිටිමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔටුනු සාදා, යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාගේ ඉසේ තබා,


පූජකයෝ නම්: යේෂුවාගේ වංශයේ යෙදායාගේ පුත්‍රයෝ නවසිය හැත්තෑ තුන් දෙනෙක්ය.


මෙසේ යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය වෙතට ඔවුන්ගේ පැමිණීමේ දෙවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේදී ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාද ඔවුන්ගේ අනික් සහෝදරයෝවූ පූජකයෝද ලෙවීවරුද වාල්කමෙන් මිදී යෙරුසලමට ආ සියල්ලෝද පටන්ගෙන ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වැඩ බලාගැනීමට විසි අවුරුදු වයසේ පටන් ඉන් ඉහළට වයස් ඇති ලෙවීවරුන් නියමකළෝය.


මක්නිසාද දේශය කාමමිථ්‍යාචාරිකයන්ගෙන් පිරී තිබේ; ශාපයක් නිසාද දේශය වැලපෙයි; කාන්තාරයේ තණබිම් වියළී තිබේ; ඔවුන්ගේ හැසිරීම නපුරුය, ඔවුන්ගේ බලයද හරි නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්