Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එස්රා 10:15 - Sinhala Revised Old Version

15 මීට විරුද්ධවුණේ අසාහෙල්ගේ පුත්‍රවූ යෝනාතාන්ද තික්වාගේ පුත්‍රවූ යාසෙයාද පමණක්ය. මෙෂුල්ලාම්ද ලෙවීයවූ ෂබ්බෙතයිද ඔවුන්ට උපකාරකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 මීට විරුද්ධ වූයේ, අසාහෙල්ගේ පුත් ජොනතන් ද තික්වාගේ පුත් ජාසෙයා ද පමණක් ය. මෙෂුල්ලාම් ද ලෙවීය වූ ෂබ්බෙතයි ද ඔවුන්ට සහාය දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 මීට විරුද්ධ වූයේ, අසාහෙල්ගේ පුත් ජොනතන් ද තික්වාගේ පුත් ජාසෙයා ද පමණක් ය. මෙෂුල්ලාම් ද ලෙවීය වූ ෂබ්බෙතයි ද ඔවුන්ට සහාය දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 10:15
7 හුවමාරු යොමු  

දැන් අපේ අධිපතියෝ මුළු සභාව වෙනුවෙන් පත්කරනු ලබත්වා, අපේ දෙවියන්වහන්සේගේ බලවත් උදහස අප කෙරෙන් පහවෙන තුරු, මේ කාරණය ඉෂ්ටකරන තුරු, අපේ නුවරවල අන්‍ය ජාතී ස්ත්‍රීන් පාවාගන සිටින සියල්ලෝද ඔවුන් සමඟ එක එක නුවර වැඩිමහල්ලෝද විනිශ්චයකාරයෝද නියම කාලවලදී පැමිණෙත්වයි කීවෝය.


වාල්කමෙන් ආවාවූ අය එසේ කළෝය. පූජකවූ එස්රාද තමුන්ගේ පියවංශවල හැටියට පියවංශවල ප්‍රධාන මනුෂ්‍යයෝද එකිනෙකා නාම වශයෙන් වෙන්කරනු ලැබ, ඔව්හු මේ කාරණය විභාගකරන්ට දසවෙනි මාසයේ පළමුවෙනිදා ඉඳගත්තෝය.


බානීගේ පුත්‍රයන්ගෙන් මෙෂුල්ලාම්, මල්ලුක්, අදායා, යාෂුබ්, ෂෙයාල් සහ යෙරේමොත්ය.


මග්පියාෂ්ද මෙෂුල්ලාම්ද හේසීර්ද;


ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ගෙන් දෙවියන්වහන්සේගේ ගෘහයේ පිටත කාරණා බලාගත්තාවූ ෂබ්බෙතයිද යෝසාබාද්ද;


අසරියාද එස්රාද මෙෂුල්ලාම්ද,


පරණ දොරටුව පාසේයාගේ පුත්‍රවූ යෝයාදාද බෙසෝදෙයාගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ද අලුත්වැඩියාකළෝය, ඔව්හු ඒකේ බාල්ක පිහිටුවා, ඒකේ දොරවල් හා තහඩුද අගුළ්ද තැබුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්