Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 9:19 - Sinhala Revised Old Version

19 ඒ නිසා පවුරු නැති නුවරවල වාසයකරන පිටිසර යුදෙව්වරු අදාර් මාසයේ දහහතරවෙනි දවස ප්‍රීතිමත්වූ, සන්තෝෂ සහිතවූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ මංගල්‍ය දවසක් කරගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 කුඩා නුවරවල වාසය කරන පිටිසර ජුදෙව්වරුන් අදාර් මාසයේ දහහතර වන දවස ප්‍රීතිමත්, ආනන්දජනක, එකිනෙකාට කෑම හා තෑගි යවන මංගල්‍ය දවසක් කරගෙන තිබෙන්නේ ඒ නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 9:19
13 හුවමාරු යොමු  

රජුගේ අණ සහ නියෝගය පැමිණි සියලු රටවලත් සියලු නුවරවලත් යුදෙව්වරුන්ට ප්‍රීති සන්තෝෂයද මංගල්‍යයක් සහ ශුභ දවසක්ද විය. දේශයේ ජනයන්ගෙන් බොහෝ දෙනෙක් යුදෙව්වෝ වුණෝය; මක්නිසාද යුදෙව්වරුන් නිසා භයක් ඔවුන් පිටට පැමුණුණේය.


මේ ප්‍රොපේතවරුන් දෙදෙන පොළොවේ වසන්නන්ට වධකළ නිසා, පොළොවේ වසන්නෝ ඔවුන් ගැන ප්‍රීතිව සන්තෝෂවෙමින් එකිනෙකාට තෑගි යවන්නෝය.


ඒවා ප්‍රීතිමත්වූ, එකිනෙකාට තෑගි කොටස් අරින්නාවූ, දිළිඳුන්ට දන් දෙන්නාවූ මංගල්‍ය දවස් කරගන්ට කියා ඔවුන්ට නියමකෙළේය.


නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ දුවද නුඹේ වැඩකරුවාද නුඹේ වැඩකාරීද නුඹේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාද විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද නුඹේ මංගල්‍යයෙහිදී ප්‍රීතිවන්න.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ස්වකීය නාමය වාසයකරවන්ට තෝරාගන්න ස්ථානයේදී නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ දුවද නුඹේ වැඩකරුවාද නුඹේ වැඩකාරීද නුඹේ දොරටු ඇතුළත සිටින ලෙවීයයාද නුඹලා අතරෙහි සිටින විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවන්න.


එසේවී නුමුත් ඇතුළේ තිබෙන ඒ දෙයින් දන් දෙන්න; එවිට සියල්ලම නුඹලාට පවිත්‍රවේ.


නුඹ දුව ගොස් අර තරුණයාට කථාකර–යෙරුසලම තුළ මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද වැඩිකම නිසා පවුරු නැති ගම්වල මෙන් මිනිස්සු එහි වාසයකරන්නෝය.


මේ සියලු නුවරවල් උස්වූ පවුරුවලින්ද ද්වාරවලින්ද අගුල්වලින්ද සුරක්ෂිතකර තිබුණේය; ඒවා ඇර පවුරු නැති නුවරවල් මහත් ගණනක්ද අල්ලාගතිමු.


නුඹේ වැඩකාරයන් ගෙන් ඇසුවොත් ඔවුන් නුඹට කියනවා ඇත. ඒ නිසා යෞවනයන්ට නුඹේ ඇස් හමුවෙහි කරුණාව ලැබේවා; මක්නිසාද අපි හොඳ දවසකදී ආවෙමුව. නුඹේ මෙහෙකරුවන්ටත් නුඹේ පුත්‍රවූ දාවිත්ටත් නුඹට පුළුවන් දෙයක් දෙන ලෙස ඉල්ලමියි කියන්නැයි කීවේය.


මොර්දෙකයිද මේ දේවල් ලියා අහෂ්වේරොෂ් රජුගේ සියලුම රටවල ළඟ හා දුර සිටි සියලු යුදෙව්වරුන්ට ලියුම් යවා,


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ යම් නුවරක් තුළ නුඹේ සහෝදරයන්ගෙන් යම් දිළින්දෙක් නුඹ වෙත සිටින්නේ නම්, නුඹ නුඹේ හෘදය දැඩිකරගන්නේවත් නුඹේ දිළිඳු සහෝදරයා වෙතින් නුඹේ අත පියාගන්නේවත් නැතුව,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්