Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 9:15 - Sinhala Revised Old Version

15 ෂූෂන්හි සිටි යුදෙව්වරුද අදාර් මස දහහතරවෙනි දවසෙත් රැස්වී ෂූෂන්හි මනුෂ්‍යයන් තුන්සියයක් මරාදැමුවෝය; නුමුත් කොල්ලයට ඔව්හු අත නොපෙවුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 සූසාහි සිටි ජුදෙව්වරු ද අදාර් මස දහහතර වන දවසේත් රැස් වී සූසාහි මනුෂ්‍යයන් තුන්සියයක් මරාදැමුවෝ ය. එහෙත්, ඔව්හු කොල්ලයට අත නොපෙවුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 9:15
10 හුවමාරු යොමු  

නුමුත් කොල්ලයට ඔව්හු අත නොපෙවුවෝය.


එහි ලියා තිබුණේ: එක දවසේම එනම් අදාර් මාසයවූ දොළොස්වෙනි මාසයේ දහතුන්වෙනි දින රැස්වී,


නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටින්න. මක්නිසාද: මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන්වහන්සේම කියා තිබේ.


සියලු අන්දම්වල නපුරෙන් වැලකෙන්න.


රජුගේ රටවල සිටි අනික් යුදෙව්වරුද රැස්ව, තමුන්ගේ ජීවිතාරක්ෂාව සඳහා විරුද්ධව සිට, තමුන්ගේ සතුරන්ගෙන් නිදහස්වී, තමුන්ගේ වෛරකාරයන්ගෙන් හැත්තෑ පන්දහසක් මරාදැමුවෝය; නුමුත් කොල්ලයට අත නොපෙවුවෝය.


එවිට එස්තර් කථාකොට: රජ්ජුරුවන් ප්‍රසන්න නම් ෂූෂන්හි සිටින යුදෙව්වරුන්ට අද දවසේ නියෝගයේ හැටියට හෙටත් කරන්ට අවසර ලැබේවා, හාමාන්ගේ පුත්‍රයන් දසදෙනාද එල්ලුම්ගහේ එල්ලා තබත්වයි කීවාය.


යුදෙව්වරු තමුන්ට අනතුරු කරන්ට උපා යෙදූ අය පිට අත්හෙළන පිණිස අහෂ්වේරොෂ් රජුගේ සියලු රටවල තමුන්ගේ නුවරවල රැස්වුණෝය. ඔවුන්ට විරුද්ධව සිටින්ට කිසිවෙකුට නුපුළුවන්විය; මක්නිසාද ඔවුන් නිසා භයක් සියලු ජනයන් පිට පැමුණුණේය.


එවිට රජ එස්තර් බිසවට කථාකොට: ෂූෂන් බලකොටුවේදී යුදෙව්වරු වනාහි මනුෂ්‍යයන් පන්සියයක්ද හාමාන්ගේ පුත්‍රයන් දසදෙනාද මරා නැතිකළෝය. රජුගේ අනික් රටවල මක්කරන්ට නැද්ද? ඉතින් නුඹේ ඉල්ලීම මොකද? ඒක නුඹට දෙනු ලැබේ. තවත් නුඹේ අයදුම මොකද? ඒක ඉෂ්ටකරනු ලැබේවයි කීවේය.


රජ එසේ කරන්ට අණකෙළේය. එවිට ෂූෂන්හි නියෝගයක් දෙන්ට යෙදුණේය; ඔව්හු හාමාන්ගේ පුත්‍රයන් දසදෙනා එල්ලා තැබුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්