Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 9:13 - Sinhala Revised Old Version

13 එවිට එස්තර් කථාකොට: රජ්ජුරුවන් ප්‍රසන්න නම් ෂූෂන්හි සිටින යුදෙව්වරුන්ට අද දවසේ නියෝගයේ හැටියට හෙටත් කරන්ට අවසර ලැබේවා, හාමාන්ගේ පුත්‍රයන් දසදෙනාද එල්ලුම්ගහේ එල්ලා තබත්වයි කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එවිට එස්තර් කතා කොට, “රජතුමා කැමැති නම්, සූසාහි සිටින ජුදෙව්වරුන්ට අද දවසේ නියෝගය ලෙස හෙටත් කරන්නට අවසර ලැබේ වා! හාමාන්ගේ පුත්‍රයන් දස දෙනාගේ මළකඳන් එල්ලුම් ගහේ එල්ලා තබත්වා”යි කීවා ය. රජතුමා එසේ කරන්නට අණ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 9:13
7 හුවමාරු යොමු  

එහි ලියා තිබුණේ: එක දවසේම එනම් අදාර් මාසයවූ දොළොස්වෙනි මාසයේ දහතුන්වෙනි දින රැස්වී,


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් කොට නුඹට දෙන දේශය නුඹ විසින් අපවිත්‍රකරනු නොලබන පිණිස ඔහුගේ මළකඳ රාත්‍රියෙහි ගසේ තිබෙන්ට නෑර, එය එම මුළු දවසේදීම තැන්පත්කරන්න; මක්නිසාද එල්ලනු ලබන තැනැත්තේ දෙවියන්වහන්සේගෙන් ශාප ලද්දෙක්ය.


ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක්වී, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක.


ෂූෂන්හි සිටි යුදෙව්වරුද අදාර් මස දහහතරවෙනි දවසෙත් රැස්වී ෂූෂන්හි මනුෂ්‍යයන් තුන්සියයක් මරාදැමුවෝය; නුමුත් කොල්ලයට ඔව්හු අත නොපෙවුවෝය.


ගිබියොන්වරුන් අතට පාවාදුන්නේය, ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කන්දේ ඔවුන් එල්ලා දැමුවෝය, මෙසේ ඒ සත්දෙනා එකවිටම වැටුණෝය. ඔවුන් මරනු ලැබුවේ යව කපන්ට පටන්ගන්න කාලයේ පළමුවෙනි දවස්වලදීය.


අපට විරුද්ධව උපා යෙදූ මනුෂ්‍යයාගේ පුත්‍රයන්ගෙන් පුරුෂයන් සත්දෙනෙකුන් අපට පාවාදුන මැනවි. අපිද ස්වාමීන්වහන්සේ විසින් තෝරාගත් සාවුල් සිටි ගිබියාහි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් එල්ලා තබන්නෙමුයයි කීවෝය. එවිට රජ: ඔවුන් දෙන්නෙමියි කීවේය.


රජ එසේ කරන්ට අණකෙළේය. එවිට ෂූෂන්හි නියෝගයක් දෙන්ට යෙදුණේය; ඔව්හු හාමාන්ගේ පුත්‍රයන් දසදෙනා එල්ලා තැබුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්