Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 4:6 - Sinhala Revised Old Version

6 මෙසේ හාතාක් රජවාසල් දොරටුව ඉදිරිපිට නුවර වීදියේ සිටි මොර්දෙකයි ළඟට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 හාතාක් ද අගනුවර රජ වාසල ඉදිරිපිට තිබුණු වීදියේ සිටි මොර්දෙකයි ළඟට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 4:6
5 හුවමාරු යොමු  

තවද රජුගේ ආඥාවද නියෝගයද පැමුණුණු සියලු රටවල යුදෙව්වරුන් අතරේ මහත් වැලපීමද නිරාහාරව සිටීමද ඇඬීමද විලාපකීමද විය; බොහෝ දෙනෙක් ගෝණි රෙදි සහ අලු පිට වැතිරගත්තෝය.


දෙවෙනි දවසෙත් මුද්‍රිකපාන මංගල්‍යයේදී රජ එස්තර්ට කථාකොට: එස්තර් බිසව, නුඹේ ඉල්ලීම මොකද? ඒක නුඹට දෙනු ලැබේ; නුඹේ අයදුම මොකද? එය රාජ්‍යයෙන් දෙකෙන් පංගුවක් වුවත් ඉෂ්ටකරනු ලැබේයයි කීය.


එවිට රජ එස්තර් බිසවට කථාකොට: ෂූෂන් බලකොටුවේදී යුදෙව්වරු වනාහි මනුෂ්‍යයන් පන්සියයක්ද හාමාන්ගේ පුත්‍රයන් දසදෙනාද මරා නැතිකළෝය. රජුගේ අනික් රටවල මක්කරන්ට නැද්ද? ඉතින් නුඹේ ඉල්ලීම මොකද? ඒක නුඹට දෙනු ලැබේ. තවත් නුඹේ අයදුම මොකද? ඒක ඉෂ්ටකරනු ලැබේවයි කීවේය.


එවිට එස්තර් ඈට මෙහෙකරන පිණිස රජු විසින් පත්කළ නපුංසකයන්ගෙන් එක්කෙනෙක්වූ හාතාක්ට අඬගසා, කාරණාව මොකද කියාත් මේ මක්නිසාද කියාත් ගොස් මොර්දෙකයිගෙන් දැනගන්ට අණකළාය.


එවිට මොර්දෙකයි තමාට සිද්ධවුණ සියල්ලත් යුදෙව්වරුන් නැති කරන පිණිස හාමාන් විසින් ඔවුන් ගැන රාජ භාණ්ඩාගාරයට ගෙවන්ට පොරොන්දුවූ මුළු මුදල් ගණනත් ඔහුට කීයේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්