Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 4:13 - Sinhala Revised Old Version

13 එවිට මොර්දෙකයි එස්තර්ට උත්තර යවමින්: රජගෙදර ඉන්න නිසා සියලු යුදෙව්වරුන්ගෙන් නුඹ පමණක් ගැළවේය කියා සිතා නොගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එවිට මොර්දෙකයි එස්තර්ට පිළිතුරු යවමින්, “ඔබ රජ ගෙදර සිටින නිසා සියලු ජුදෙව්වරුන් අතරෙන් ඔබ පමණක් ගැළවෙන්නෙහි ය කියා නොසිතන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 4:13
7 හුවමාරු යොමු  

මක්නිසාද මට කළාවූ නුඹලාගේ සේවයෙහි අඩුපාඩුව පිරිමසන්ට ඔහු තමාගේ ජීවිතය නොසලකා ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙය නිසා මරණාසන්නවුණේය.


තමාගේ ජීවිතයට ප්‍රියවන්නාට ඒක නැතිවන්නේය; මේ ලෝකයෙහි තමාගේ ජීවිතයට වෛරකරන්නා සදාකාල ජීවනයට ඒක ආරක්ෂාකරගන්නේය.


ඒ නිසා නුඹලා, නුඹලාගේ සිත්වලින් ක්ලාන්තවී වෙහෙස නොවන පිණිස, තමන්ට විරුද්ධව සිටිය පව්කාරයන්ගෙන් එපමණ විරුද්ධකම් ඉවසූ තැනන්වහන්සේ කල්පනාකර බලන්න.


එස්තර්ගේ වචන මොර්දෙකයිට දන්වනලද්දේය.


මක්නිසාද මේ ප්‍රස්තාවේදී නුඹ නිශ්ශබ්දවම සිටියොත් වෙන තැනකින් යුදෙව්වරුන්ට නිදහසත් ගැළවීමත් පැමිණෙනවා ඇත, නුමුත් නුඹ සහ නුඹේ පියවංශය නැතිවන්නේය. නුඹ රාජ්‍යයට පැමුණුණේ මෙවැනි ප්‍රස්තාවක් නිසාම නොවේද කියා දන්නේ කවුදැයි කියා කියන්ට අණකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්