Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 2:21 - Sinhala Revised Old Version

21 ඒ දවස්වලදී මොර්දෙකයි රජවාසල වාඩිව ඉන්න කල්හි වාසල් රැකවලුන් අතරෙන් රජුගේ නපුංසකයන් දෙදෙනෙක් වන බිග්තාන් සහ තෙරෙෂ් කෝපවී, අහෂ්වේරොෂ් රජු මරන්ට සෙවුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 දිනක් මොර්දෙකයි රජ වාසල් දොරටුවේ හිඳගෙන සිටිය දී වාසල් රැකවලුන් අතරෙන් රජුගේ නපුංසකයන් දෙදෙනෙකු වන බිග්තාන් සහ තෙරෙෂ් කෝප වී අහෂ්වේරොෂ් රජු මරන්නට කුමන්ත්‍රණය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 2:21
13 හුවමාරු යොමු  

එවිට අහෂ්වේරොෂ් රජු මරන්ට සෙවුවාවූ වාසල් රැකවලුන්ගෙන් රජුගේ නපුංසකයන් දෙදෙනෙක් වන බිග්තාන්ද තෙරෙෂ්ද ගැන මොර්දෙකයි දැන්වූ වග ලියා තිබෙනවා සම්බවිය.


රජුන්ට ගැළවීම දෙන්නෙත් ස්වකීය මෙහෙකරුවූ දාවිත් හිංසා කරන කඩුවෙන් මුදාගන්නෙත් උන්වහන්සේය.


ආමොන්ගේ සේවකයෝ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ඔහුගේ ගෙදරදී ඔහු මැරුවෝය.


ඔහුගේ සේවකයෝ නැගිට කුමන්ත්‍රණයකොට, සිල්ලාට යන මාර්ගයෙහි තිබෙන මිල්ලෝහි ගෙයිදී යෝවාෂ් මැරුවෝය.


ඔහුගේ රථවලින් දෙකෙන් කොටසකට අධිපතියාව සිටි ඔහුගේ සේවකවූ සිම්රි ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට, ඔහු තිර්ශාහි ගෙදර ප්‍රධානියාවූ අරිශාගේ ගෙයිදී බීමත්වී සිටින අතර,


තවද දාවිත් අබිෂයිටත් තමාගේ සියලු සේවකයන්ටත් කථාකොට: මා තුළෙන් නික්මුණාවූ මාගේ පුත්‍රයා මා නසන්ට සොයන්නේය. ඊට කොපමණ වැඩියෙන් මේ බෙන්යමියයාට දැන් එසේ කරන්ට බැරිද? ඔහු නිකම් උන්නාවේ, දෙස් කීවාවේ; මක්නිසාද එසේ කරන්ට ස්වාමීන්වහන්සේ ඔහුට කීසේක.


අහෂ්වේරොෂ් රජවුණු විට, ඔහුගේ රජකම්කිරීමේ පටන්ගැන්මේදී, ඔව්හු යූදාහිද යෙරුසලමේද වැසියන්ට විරුද්ධව දොස් පැවරූ ලියුමක් ලියා හැරියෝය.


දෙවෙනි වතාවේ කන්‍යාවන් රැස්කරන කල මොර්දෙකයි රජවාසල හිඳගන උන්නේය.


දානියෙල්ගේ ඉල්ලීම පිට රජ බබිලෝනි පළාතේ කාරණා කෙරෙහි ෂද්‍රක්ද මේෂක්ද අබේද්-නෙගෝද පත්කෙළේය. දානියෙල් වනාහි රජවාසලෙහි සිටියේය.


එදා රාත්‍රියේ රජුට නින්ද නොගොස් ඉකුත්වූ කාලයේ කරුණු සඳහන්වූ ලේකම් පොත ගෙනෙන්ට අණකළේය, එය රජු ඉදිරියෙහි කියවනලද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්