Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 1:22 - Sinhala Revised Old Version

22 එක එක පුරුෂයා විසින් තම තමාගේ ගෙදර ආණ්ඩුකරන හැටියටද, තමාගේ සෙනඟගේ භාෂාවෙන් එය ප්‍රකාශකරන හැටියටද, එක එක රටේ අකුරුවලිනුත් එක එක සෙනඟගේ භාෂාවෙනුත් ලියුම් ලියා ඇරියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 හැම පුරුෂයෙකු ම තමාගේ ගෙදර ප්‍රධානියා විය යුතු ය කියා තමාගේ සෙනඟගේ භාෂාවෙන් ද එක එක රටේ අකුරුවලින් ද ඒ ඒ සෙනඟගේ භාෂාවෙන් ද ප්‍රකාශ කරන හැටියට ලියුම් ලියා යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 1:22
11 හුවමාරු යොමු  

එකල සීවාන් මාසය වන තුන්වෙනි මාසයේ විසිතුන්වෙනිදා රජුගේ ලේකම්වරුන් ගෙන්වනු ලැබ, මොර්දෙකයි අණ කළ සියල්ල ලෙස යුදෙව්වරුන්ටද රටවල් එකසිය විසිහතක්වූ ඉන්දියාවේ සිට කූෂ් දක්වා තිබෙන රටවල දිශාධිපතීන්ටද ආණ්ඩුකාරයන්ටද පළාත්වල අධිපතීන්ටද එක එක රටේ අකුරුවලින් සහ එක එක සෙනඟගේ භාෂාවෙන්ද යුදෙව්වරුන්ට ඔවුන්ගේ අකුරුවලින් සහ ඔවුන්ගේ භාෂාවෙන්ද ලියා යවනලද්දේය.


එවිට පළමුවෙනි මාසයේ දහතුන්වෙනිදා රජුගේ ලේකම්වරුන්ට අඬගස්වා, හාමාන් අණකළ සියල්ල ලෙස රජුගේ දිසාධිපතීන්ටද සියලු රටවල ආණ්ඩුකාරයන්ටද එක එක සෙනඟගේ අධිපතීන්ටද එක එක රටේ අකුරුවලින් සහ එක එක සෙනඟගේ භාෂාවෙන්ද ලියුම් ලියවා හැරියේය; අහෂ්වේරොෂ් රජුගේ නමින් ඒවා ලියා රජුගේ මුදුවෙන් මුද්‍රාකළේය.


උගන්වන්ටවත් පුරුෂයා කෙරෙහි බලය පවත්වන්ටවත් ස්ත්‍රියෙකුට ඉඩ නාරිමි, ඈ නිශ්ශබ්දව සිටීවා.


අධර්මිෂ්ඨ ගබඩාකාරයා නුවණින් ක්‍රියාකළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසාකළේය. මක්නිසාද ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ තමුන්ගේම පරම්පරාව ගැන නුවණැත්තෝය.


නෙබුකද්නෙශර් රජු විසින් මුළු පොළොවේ වාසයකරන සකල ජනයන්ටත් ජාතීන්ටත් භාෂාවන්ටත් ලියා එවන වගනම්: නුඹලාට සමාදානය වැඩිවේවා.


එබැවින් ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට විරුද්ධව දෝෂ කියන සියලු සෙනඟද ජාතීන්ද භාෂාවන්ද කැබෙලිකොට, ඔවුන්ගේ ගෙවල් කසළගොඩක් කරන හැටියට නියමයක් කරමි. මක්නිසාද මේ ආකාරයෙන් ගළවාගන්ට පුළුවන්වූ වෙන දෙවිකෙනෙක් නැතැයි කීවේය.


ඒ කීමට රජද අධිපතීහුද ප්‍රසන්නවූහ; රජ මෙමූකාන්ගේ කීම ලෙස කරමින්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්