Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 9:2 - Sinhala Revised Old Version

2 එවිට උතුරු දෙස තිබෙන ඉහළ දොරටුවේ මාර්ගයෙන් මනුෂ්‍යයන් හය දෙනෙක් එකිනෙකා තම තමාගේ මරණායුධය අතේ ඇතුව ආවෝය; ඔවුන් මැද එක් මනුෂ්‍යයෙක් හණ වස්ත්‍ර හැඳගෙන, තමාගේ පැත්තක එල්ලෙන තීන්ත කූඩුවක් ඇතුව සිටියේය. ඔව්හු ඇතුල් වී පිත්තල පූජාසනය ළඟ සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එවිට උතුරු දෙස තිබෙන ඉහළ දොරටුවේ මාර්ගයෙන් මිනිස්සු හයදෙනෙක් එකිනෙකා තම තමාගේ මාරක ආයුධ අතේ ඇති ව ආහ. ඔවුන් අතරේ ඉඟ පටියේ ලිපි උපකරණ මල්ල එල්ලාගත්, හණ වස්ත්‍රයක් හැඳගත් මිනිසෙක් සිටියේ ය. ඔව්හු ඇතුළු වී ලෝකඩ පූජාසනය ළඟ සිට ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එවිට උතුරු දෙස තිබෙන ඉහළ දොරටුවේ මාර්ගයෙන් මිනිස්සු හයදෙනෙක් එකිනෙකා තම තමාගේ මාරක ආයුධ අතේ ඇති ව ආහ. ඔවුන් අතරේ ඉඟ පටියේ ලිපි උපකරණ මල්ල එල්ලාගත්, හණ වස්ත්‍රයක් හැඳගත් මිනිසෙක් සිටියේ ය. ඔව්හු ඇතුළු වී ලෝකඩ පූජාසනය ළඟ සිට ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 9:2
21 හුවමාරු යොමු  

උන්වහන්සේ හණ වස්ත්‍ර හැඳගෙන සිටි මනුෂ්‍යයාට කථාකොට: නුඹ කෙරුබ්ට යටින් කරකැවෙන චක්‍ර අතරට ඇතුල්වී, කෙරුබ්වරුන් අතරේ තිබෙන ගිනි අඟුරුවලින් නුඹේ දෑත පුරවාගෙන, නුවර පිට විසුරුවන්නැයි කීසේක. ඔහු මා ඉදිරියෙහි ඇතුල්වුණේය.


ඔහු ශුද්ධ හණ යට ඇඳුම ඇඳ, තමාගේ ඇඟේ හණ කලිසම දමාගෙන, හණ පටිය ඉඟටියේ බැඳගන, මකුටය පැලඳ ගන්නේය. ඒවා ශුද්ධ වස්ත්‍ර බැවින් ඔහු තමාගේ ශරීරය වතුරෙන් සෝදාගෙන ඒවා පැලඳගත යුතුය.


එවිට පීඩා සත ඇතුව සිටියාවූ දේවදූතයන් සත්දෙනා පවිත්‍රවූ දීප්තිමත්වූ වස්ත්‍ර පැළඳ, රන් පටිවලින් තමුන්ගේ ළය බැඳගෙන, දේවමාළිගාවෙන් පිටත්ව ආවෝය.


නුමුත් උස් තැන් පහනොකරන ලද්දේය. ඒ වන තෙක් සෙනඟ උස් තැන්වල පූජාකොට සුවඳ ද්‍රව්‍ය දැවුවෝය. ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඉහළ දොරටුව ගොඩනැගුවේය.


යූදාහි අධිපතීහු ඒ කාරණා අසා, රජගෙදර සිට ස්වාමීන්වහන්සේගේ ගෘහයට නැගී ඇවිත්, ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අලුත් දොරටුවෙහි හිඳගත්තෝය.


මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.


මක්නිසාද උතුරු දිග රාජ්‍යවල සියලුම වංශවලට අඬගසන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක; ඔව්හු ඇවිත් තම තමුන්ගේ සිංහාසන යෙරුසලමේ දොරටුවලද එහි වටකරින් සියලු පවුරුවලට විරුද්ධවද යූදාහි සියලුම නුවරවලට විරුද්ධවද තබන්නෝය.


ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඉහළ දොරටුවද ඕපෙල් පවුරේ බොහෝ තැන්ද ගොඩනැගුවේය.


ඔහු පිත්තල පූජාසනයක් සෑදුවේය. ඒකේ දිග විසි රියනක්ය, පළල විසි රියනක්ය, උස දස රියනක්ය.


දවන පූජාසනය සම්මුඛවීමේ කූඩාරමේ මණ්ඩප දොරකඩ ළඟ තබා, ඊ පිට දවන පූජාවද ආහාර පූජාවද ඔප්පුකෙළේය.


එවිට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජස එය නැවති තිබුණු ස්ථානය වන කෙරුබ් කෙරෙන් නැගී ගෘහයේ එළිපත්ත ළඟට ගොස්, හණ වස්ත්‍ර හැඳගෙන තමාගේ පැත්තක එල්ලෙන තීන්ත කූඩුවක් ඇතුව සිටිය මනුෂ්‍යයාට මොරගැසීය.


එවිට හණ වස්ත්‍ර හැඳගෙන තමාගේ පැත්තෙහි තීන්ත කූඩුව ඇතුව සිට මනුෂ්‍යයා හැරී ඇවිත්: ඔබවහන්සේ අණකළ ලෙස කෙළෙමියි කීවේය.


මාගේ ඇස් ඔසවා බලා, මනුෂ්‍යයෙක් සිහින් හණ රෙදි ඇඳ, ඌපාස්හි පිරිසිදු රනින් ඉඟටිය බැඳගන සිටිනවා දුටිමි.


එවිට සිහින් හණ රෙදි ඇඳගන ගංගාවේ වතුරට උඩින් සිටි මනුෂ්‍යයාට එක්කෙනෙක් කථාකොට: මේ අපූරු දේවල් තීන්දුවීමට කොපමණ කල් ගතවෙනවා ඇද්දැයි ඇසුවේය.


කොඩියක් සියොන් දෙසට නගන්න. ගැළවෙන පිණිස නොනැවතී දුවන්න. මක්නිසාද මම උතුරෙන් විපත්තියක්ද මහත් විනාශයක්ද පමුණුවන්නෙමි.


උන්වහන්සේ අතක ආකාරයක් දිගුකොට මාගේ හිසේ රොදකින් මා අල්වාගත්සේක; ආත්මයද දෙවියන්වහන්සේගේ දර්ශනවලින් පොළොවටත් අහසටත් අතරේ මා උස්සාගන ගොස්, යෙරුසලමේ උතුරු දෙසට තිබෙන්නාවූ, ස්වාමීන්වහන්සේගේ ජ්වලිතය උපදවන ජ්වලිතකමේ රූපාසනය තිබෙන්නාවූ, ඇතුල් දොරටුවට මා පැමිණෙවුවේය.


ස්වාමීන්වහන්සේ පූජාසනය ළඟ සිටිනවා දුටිමි. උන්වහන්සේ කථාකොට: උළුවහු සෙලවෙන හැටියට පේකඩවලට ගසා, ඒවා ඔවුන් සියල්ලන්ගේ හිස් පිට කඩාදමන්න; ඔවුන්ගෙන් ඉතිරිවෙන්නන් කඩුවෙන් මරන්නෙමි. ඔවුන්ගෙන් කිසිවෙක් පලා නොයන්නේය, ඔවුන්ගෙන් කිසිවෙක් නොගැළවෙන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්