Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 5:8 - Sinhala Revised Old Version

8 ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–බලව, මම, මමම පවා, නුඹට විරුද්ධව ජාතීන්ගේ ඇස් හමුවෙහි නුඹ තුළ විනිශ්චයන් ඉෂ්ටකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න ජෙරුසලම, මම-මම වුව ද, නුඹට විරුද්ධ වෙමි. විජාතීන්ගේ ඇස් හමුයෙහි නුඹ පිට දඬුවම් පමුණුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න ජෙරුසලම, මම, මම පවා, නුඹට විරුද්ධ වෙමි. විජාතීන්ගේ ඇස් හමුයෙහි නුඹ පිට දඬුවම් පමුණුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 5:8
30 හුවමාරු යොමු  

මාගේ මුහුණද ඔවුන්ට විරුද්ධව තබන්නෙමි; ඔවුන් ගින්නෙන් නික්ම ගිය නුමුත් ගින්න ඔවුන් නාස්තිකරනවා ඇත; මා විසින් ඔවුන්ට විරුද්ධව මාගේ මුහුණ තබන විට මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


එසේය, මා විසින් ඔවුන් පන්නාදමන සියලු ස්ථානවලදී නින්දාවක්ද උපමාවක්ද අපහාස කීමක් සහ ශාපයක්ද වීමටත් ඔවුන් පීඩා විදීමට පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ විසුරුවනු ලැබීමටත් පාවාදෙන්නෙමි.


ඉශ්‍රායෙල් දේශයට මෙසේ කියන්න: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මෙන්න, මම නුඹට විරුද්ධය, මාගේ කඩුවද කොපුවෙන් ඇද ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් නුඹ කෙරෙන් සිඳදමන්නෙමි.


අපට විරුද්ධව බැසඑන්නේ කවුද කියාත් අපේ වාසස්ථානවලට ඇතුල්වෙන්නේ කවුද කියාත් කියන්නාවූ, මිටියාවතෙහිද තලාවේ පර්වතයෙහිද වාසයකරන්නිය, මම නුඹට විරුද්ධයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මමම දිගුකළ අතකින් හා බලවත් හස්තයකින්ද උදහසකින්ද කෝපයෙන්ද තද අමනාපයෙන්ද නුඹලාට විරුද්ධව යුද්ධකොට,


රජ්ජුරුවෝ උදහස්වී, තමාගේ යුද්ධසේනාවන් යවා ඒ මිනීමරුවන් විනාශකොට, ඔවුන්ගේ නුවර ගිනිලැවුවේය.


තවද මනුෂ්‍ය පුත්‍රය, නුඹ ගොග්ට විරුද්ධව අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න. බලව, රොෂ්හිද මෙෂෙක්හිද තූබල්හිද අධිපතියා වන ගොග්, මම නුඹට විරුද්ධවෙමි.


මෙසේ කියන්න–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා සේයිර් කන්ද, බලව, මම නුඹට විරුද්ධව සිට, මාගේ අත නුඹට විරුද්ධව දිගුකොට, නුඹ පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–එම්බා ශීදොන්, මම නුඹට විරුද්ධයෙමි; නුඹ ඇතුළෙහි ගෞරව ලබන්නෙමි. මා ඈ කෙරෙහි විනිශ්චයන් ඉෂ්ටකොට, මා පිරිසිදු බව ඇය කරණකොටගෙන පෙන්නූ කල්හි, මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.


මම නුඹලා මෙය තුළෙන් පිටකර, විදේශීන් අතට නුඹලා පාවාදී, විනිශ්චයන් නුඹලා කෙරෙහි ඉෂ්ටකරන්නෙමි.


සැබවින්ම උන්වහන්සේ දවස මුළුල්ලේ මට විරුද්ධව නැවත නැවත තමන් අත හරවනසේක.


ස්වාමීන්වහන්සේ සතුරෙකු මෙන් වූසේක, ඉශ්‍රායෙල් නටබුන් කළසේක; උන්වහන්සේ ඇගේ සියලු මාළිගා නටබුන්කොට, ඔහුගේ බලකොටු විනාශකළසේක. යූදා දුව කෙරෙහි වැලපීමත් ශෝකයත් වැඩිකළසේක.


ඔවුන්ට සම්බවුණු සියල්ලෝම ඔවුන් ගොදුරට ගත්තෝය. ඔවුන්ගේ එදිරිකාරයෝ කථාකොට: ඔවුන් ස්වාමීන්වහන්සේ වන ධර්මිෂ්ඨකමේ වාස භූමියවූ තමුන්ගේ පියවරුන්ගේ බලාපොරොත්තුවවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළ නිසා, අපි වැරදිකාරයෝ නොවෙමුයයි කීවෝය.


ස්වාමීන්වහන්සේ ඔහුට කමානොවනසේක, ස්වාමීන්වහන්සේගේ උදහස සහ කෝපය ඒ මනුෂ්‍යයාට විරුද්ධව ඇවිළෙන්නේය. මේ පොතෙහි ලියා තිබෙන මුළු ශාපයද ඔහු පිට පිහිටන්නේය, ස්වාමීන්වහන්සේ ඔහුගේ නාමය අහස යටින් මකාදමා,


මා විසින් උදහසින්ද කෝපයෙන්ද රෞද්‍ර තරවටුවලින්ද නුඹ තුළ විනිශ්චයන් ඉෂ්ටකරන කල්හිත්, විනාශකරන්නාවූ, නුඹලා විනාශ කිරීමට මා එවන්නාවූ සාගතය නැමති විපත්ති-ඊගස් මා නුඹලා අතරට එවන කල්හිත්,


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා නිෂ්ඵල දේ කියන්ටත් බොරු දර්ශන දකින්ටත් යෙදුණු නිසා, මෙන්න, මම නුඹලාට විරුද්ධව සිටිමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


මෙසේ මම මිසරයෙහි විනිශ්චයන් ඉෂ්ටකරන්නෙමි. එවිට මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇතැයි කීය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම එඬේරුන්ට විරුද්ධව සිට, මාගේ බැටළුවන් ඔවුන් අතින් අයකර, බැටළුවන් පෝෂ්‍යකිරීමෙන් ඔවුන් නවත්වන්නෙමි; තවත් තමුන්ම පෝෂ්‍යකරගන්ට එඬේරුන්ට නොලැබෙන්නේය; මාගේ බැටළුවන් ඔවුන්ට ගොදුරු නොවන ලෙස මම ඔවුන්ගේ කටින් උන් ගළවාගන්නෙමි.


බලව, මම නුඹට විරුද්ධයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; ඇගේ රථ දවා දුම් කරන්නෙමි, කඩුවද නුඹේ තරුණ සිංහයන් කාදමන්නේය. මම නුඹේ ගොදුර පොළෝතලයෙන් සිඳදමන්නෙමි, නුඹේ පණිවිඩකාරයන්ගේ හඬ තවත් නෑසෙන්නේය.


ඔවුන් නුඹේ ගෙවල් ගිනිලා, බොහෝ ස්ත්‍රීන් ඉදිරියේදී විනිශ්චයන් නුඹ කෙරෙහි ඉෂ්ටකරනවා ඇත; වේශ්‍යාකම්කිරීමෙන්ද නුඹ නවත්වන්නෙමි, පණයම්ද නුඹ තවත් නොදෙන්නෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්