Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 5:16 - Sinhala Revised Old Version

16 නුඹලා වටකර සිටින ජාතීන්ට එය නින්දාවක් සහ කවටකමක්ද ගුරුකමක් සහ විස්මයට හේතුවක්ද වන්නේය. ස්වාමිවූ මම කීවෙමි. මම නුඹලා කෙරෙහි සාගතය වැඩිකොට නුඹලාගේ ආහාර නැමති යෂ්ටිය බිඳින්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 නුඹට විරුද්ධ ව මා විදින සාගතය නමැති මාරක ඊගස්, එනම් විනාශ කරන සුලු ඊගස් නුඹ විනාශ කරන්නට මම විදින්නෙමි. මම නුඹලා කෙරෙහි වඩා දරුණු සාගතයක් පමුණුවා නුඹලාට ආහාර ලැබීමේ මාර්ග කපා හරින්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 නුඹට විරුද්ධ ව මා විදින සාගතය නමැති මාරක ඊගස්, එනම් විනාශ කරන සුලු ඊගස් නුඹ විනාශ කරන්නට මම විදින්නෙමි. මම නුඹලා කෙරෙහි වඩා දරුණු සාගතයක් පමුණුවා නුඹලාට ආහාර ලැබීමේ මාර්ග කපා හරින්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 5:16
12 හුවමාරු යොමු  

තවද උන්වහන්සේ මට කියනසේක්: මනුෂ්‍ය පුත්‍රය, ඔවුන්ට කෑමද වතුරද නැතුව ගොස්; එකිනෙකා සමඟ විස්මයට පත්ව, තමුන්ගේ අයුතුකම නිසා ක්ෂයවී යන පිණිස,


මනුෂ්‍ය පුත්‍රය, යම් දේශයක් ද්‍රෝහිකම්කරමින් මට විරුද්ධව පව්කරන නිසා මා ඊට විරුද්ධව මාගේ අත දිගුකොට එහි කෑම නැමති යෂ්ටිය නැතිකර, ඊට විරුද්ධව සාගතය යවා, එතනින් මනුෂ්‍යයන් සහ මෘගයන්ද සිඳදමන විට,


උන්වහන්සේ තමන් දුන්න තැත්කවා, ඊගහට ඉලක්කයක් කොට මා තැබූසේක.


බලව, සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ යෙරුසලමෙන්ද යූදා රටෙන්ද රුකුලත් යෂ්ටියත් පහකරනසේක. එනම් මුළු ආහාරපාන වෘත්තියද;


උන්වහන්සේ ඔහුට මරණායුධ පිළියෙළකළසේක; උන්වහන්සේ තමන් ඊගස් ගිනි-ඊගස් කරනසේක.


කොටළුහිසක් රිදී ෂෙකෙල් අසූවකටත් පරෙවිවසුරු කැබ් එකකින් සතරෙන් කොටසක් රිදී ෂෙකෙල් පහකටත් විකිණෙනතෙක් ඔව්හු සමාරිය වටලාගන සිටියෝය.


මා විසින් නුඹලාගේ කෑම නමැති රුකුල බින්ද විට ස්ත්‍රීහු දසදෙනෙක් එක් උදුනෙක්හි නුඹලාගේ රොටි පුලුස්සා කිරමින් නැවත භාරදෙන්නෝය. නුඹලා කා සෑහීමට නොපැමිණෙන්නහුය.


හතරවෙනි මස නවවෙනිදා දේශයේ සෙනඟට කිසි කෑමක් නැතිවන තරම් සාගතය නුවර තුළ බලවත්විය.


මා විසින් උදහසින්ද කෝපයෙන්ද රෞද්‍ර තරවටුවලින්ද නුඹ තුළ විනිශ්චයන් ඉෂ්ටකරන කල්හිත්, විනාශකරන්නාවූ, නුඹලා විනාශ කිරීමට මා එවන්නාවූ සාගතය නැමති විපත්ති-ඊගස් මා නුඹලා අතරට එවන කල්හිත්,


නුඹේ දරුවන් නැතිකිරීමට මම නුඹලාට විරුද්ධව සාගතයද චණ්ඩ මෘගයන්ද එවන්නෙමි; වසංගතය හා ලේ වැගිරීම නුඹලා අතරට පැමිණෙන්නේය; මම නුඹ පිටට කඩුවක් පමුණුවන්නෙමියි ස්වාමිවූ මම කීවෙමියි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්