Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 48:18 - Sinhala Revised Old Version

18 ශුද්ධවූ උපහාරයට යාව දිගින් ඉතිරිවෙන්නේ නැගෙනහිරට දස දහසක්ය; බස්නාහිරට දස දහසක්ය. එය ශුද්ධවූ උපහාරය ළඟ වන්නේය; ඒ කොට්ඨාසවල අස්වැන්න නුවර වැඩ කරන්නන්ට කෑම පිණිස වන්නේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ශුද්ධ, විශේෂ කොටසට යාව දිගින් ඉතිරි වන්නේ නැගෙනහිරට කිලෝමීටර් පහක් ය. බස්නාහිරට කිලෝමීටර් පහක් ය. එය ශුද්ධ විශේෂ කොටස ළඟ වන්නේ ය. ඒ කොටස්වල අස්වැන්න නුවර වැඩ කරන්නන්ට කෑම පිණිස වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ශුද්ධ, විශේෂ කොටසට යාව දිගින් ඉතිරි වන්නේ නැගෙනහිරට කිලෝමීටර් පහක් ය. බස්නාහිරට කිලෝමීටර් පහක් ය. එය ශුද්ධ විශේෂ කොටස ළඟ වන්නේ ය. ඒ කොටස්වල අස්වැන්න නුවර වැඩ කරන්නන්ට කෑම පිණිස වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 48:18
6 හුවමාරු යොමු  

නුවර කොටස පිණිස පන්දහසක් පළලද විසිපන්දහසක් දිගද ඇති ඉඩමක් උපහාරයවූ ශුද්ධ කොටස ළඟ නියමකරන්න. ඒක මුළු ඉශ්‍රායෙල් වංශයට වන්නේය.


අද දක්වා තිබෙන හැටියට යෝෂුවා ඒ දවසේ ඔවුන් සභාවටත් ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයෙහි උන්වහන්සේගේ පූජාසනයටත් දර කපන්නන්ද දිය අදින්නන්ද කෙළේය.


නුවරට පිට-බිම් තිබිය යුතුය; උතුරට දඬු දෙසිය පනහක්ව, දකුණට දෙසිය පනහක්ව, නැගෙනහිරට දෙසිය පනහක්ව, බස්නාහිරට දෙසිය පනහක්ව තිබිය යුතුය.


සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් නුවර වැඩකරන්නෝ එය අස්වද්දවත්වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්