Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 48:15 - Sinhala Revised Old Version

15 විසිපන් දහසට යාව පළලෙන් ඉතුරුව තිබෙන පන් දහස වාසයකිරීමට නුවර සහ පිට-බිම් පිණිස පොදුවූ කොටසක් වන්නේය. නුවර වනාහි ඒක මැද වන්නේය. ඒකේ මිමි මෙසේය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 “කිලෝමීටර් දොළහමාරක් ද පළලින් දෙකහමාරක් ව ද තිබෙන ඉතිරි කොටස ශුද්ධ නොවේ, එය වාසය කිරීමට නුවර සහ තණ බිම පිණිස පොදු කොටසක් වන්නේ ය. නුවර වනාහි එහි මැද වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 “කිලෝමීටර් දොළහමාරක් ද පළලින් දෙකහමාරක් ව ද තිබෙන ඉතිරි කොටස ශුද්ධ නොවේ, එය වාසය කිරීමට නුවර සහ තණ බිම පිණිස පොදු කොටසක් වන්නේ ය. නුවර වනාහි එහි මැද වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 48:15
5 හුවමාරු යොමු  

නුවර කොටස පිණිස පන්දහසක් පළලද විසිපන්දහසක් දිගද ඇති ඉඩමක් උපහාරයවූ ශුද්ධ කොටස ළඟ නියමකරන්න. ඒක මුළු ඉශ්‍රායෙල් වංශයට වන්නේය.


ඔහු ඒකේ සතර පැත්තම මැන්නේය. ශුද්ධ ස්ථානය පොදු ස්ථානයෙන් වෙන්කරන පිණිස දඬු පන්සියයක් දිග අතටත් පන්සියයක් පළල අතටත් ඇති පවුරක් ඒක වටකරින්ම තිබුණේය.


මා ප්‍රමාදවුණොත් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි මනුෂ්‍යයන් කෙසේ හැසිරිය යුතුද කියා නුඹ දැනගන්නා පිණිසය. එය ජීවමාන දෙවියන්වහන්සේගේ සභාවත් සැබෑවේ කනුව සහ අත්තිවාරමත්ය.


ශුද්ධවූ එක සහ ශුද්ධ නැති එක අතරේ තිබෙන වෙනස ඔවුන් මාගේ සෙනඟට පෙන්වා, අපවිත්‍ර එක සහ පවිත්‍ර එක අතරෙත් තිබෙන වෙනස ඔවුන්ට දන්වත්වා.


ඇගේ පූජකයෝ මාගේ ව්‍යවස්ථාව කඩකොට මාගේ ශුද්ධවූ දේ කෙලහුවෝය. ඔවුන් ශුද්ධ එකද අශුද්ධ එකද අතරේ වෙනසක් කළේවත් අපවිත්‍ර එකද පවිත්‍ර එකද අතරේ තිබෙන වෙනස දැන්නුවේවත් නැත, මාගේ සබත්ද ඔව්හු නොසලකා ඇරියෝය, මෙසේ ඔවුන් අතරෙහි මට අගෞරව පැමුණුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්