Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 47:2 - Sinhala Revised Old Version

2 එකල ඔහු මා උතුරු දොරටුවේ මාර්ගයෙන් පිටතට ගෙනගොස්, නැගෙනහිරට තිබුණු පිටත මාර්ගයෙන් පිටත දොරටුව ළඟට වටකරින් මා පැමිණෙවුවේය; එවිට වතුර දකුණු පැත්තෙන් වැගිරෙනවා දුටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එකල ඔහු මා උතුරු ද්වාර මණ්ඩපයෙන් පිටතට ගෙනගොස්, නැගෙනහිරට මුහුණ පා තිබුණු පිටත දොරටුව ළඟට වටකරින් මා පැමිණෙව්වේ ය. එවිට වතුර දකුණු පැත්තෙන් වැගිරෙනු දිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එකල ඔහු මා උතුරු ද්වාර මණ්ඩපයෙන් පිටතට ගෙනගොස්, නැගෙනහිරට මුහුණ පා තිබුණු පිටත දොරටුව ළඟට වටකරින් මා පැමිණෙව්වේ ය. එවිට වතුර දකුණු පැත්තෙන් වැගිරෙනු දිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 47:2
5 හුවමාරු යොමු  

එවිට ඔහු උතුරු දොරටුවේ මාර්ගයෙන් ගෘහයේ ඉස්සරහ පැත්තට මා පැමිණෙවුවේය; මම බැලූ විට ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ස්වාමීන්වහන්සේගේ තේජසින් පිරී තිබෙන බව දැක මුහුණින් වැටුණෙමි.


ස්වාමීන්වහන්සේ මට කථාකොට: මේ දොරටුව නෑර වසා තිබිය යුතුය, කිසිවෙක් එයින් ඇතුල් නොවන්නේය, මක්නිසාද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එයින් ඇතුල්වූසේක; එබැවින් එය වසා තැබිය යුතුය.


ඔහු උතුරු දොරටුවට මා පමුණුවා, ඒ මිමිවල ප්‍රකාරයට,


පසුව ඔහු මා ගෘහයේ දොරකඩ ළඟට නැවත පැමිණෙවුවේය; එවිට ගෘහයේ එළිපත්තට යටින් නැගෙනහිර දෙසට වතුර ගලායන බව දුටිමි, මක්නිසාද ගෘහයේ ඉස්සරහ පැත්ත නැගෙනහිර දෙසට තිබුණේය. ඒ වතුර ගෘහයට දකුණු පැත්තෙන් පූජාසනයට දකුණෙන් පහළින් ගලා ආවේය.


ඒ මනුෂ්‍යයා තමාගේ අතින් ලනුව රැගෙන නැගෙනහිර දෙසට යමින් රියන් දහසක් මැන්නේය, එවිට ඔහු වතුර මැදින් එගොඩට මා ඇරියේය, වතුර වළලුකර දක්වා තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්