Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 47:11 - Sinhala Revised Old Version

11 නුමුත් ඒකේ හැල්පත් සහ පොකුණුද හොඳ නොවී, ලුණු ගන්නා පිණිස හරිනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එහෙත්, එහි වගුරුබිම් සහ ගොහොරු බිම්වල වතුර මිරිදිය නොවී ලුණු ලබාගන්න පිණිස හරිනු ලබන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එහෙත්, එහි වගුරුබිම් සහ ගොහොරු බිම්වල වතුර මිරිදිය නොවී ලුණු ලබාගන්න පිණිස හරිනු ලබන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 47:11
11 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහසිනුත් කෝපයෙනුත් විනාශකළාවූ සොදොම් සහ ගොමොරාහිද අද්මා සහ ශෙබොයිම්හිද විනාශය මෙන් ඒ මුළු දේශයෙහි වැපිරීමක්වත් කිසි පලා ජාතියක් වැවීමක්වත් හටගැනීමක්වත් නොවන ලෙස ඒක ගෙන්දගමෙනුත් ලුණුවලිනුත් දාලා තිබෙන බවද දුටු කල්හි:


අධර්මිෂ්ඨ තැනැත්තා මතුත් අධර්මිෂ්ඨකම් කරාවා. අපවිත්‍ර තැනැත්තා මතුත් අපවිත්‍රකරනු ලබාවා. ධර්මිෂ්ඨ තැනැත්තා මතුත් ධර්මිෂ්ඨකම් කරාවා. ශුද්ධ තැනැත්තා මතුත් ශුද්ධකරනු ලබාවා.


නුමුත් භය ඇත්තන්ටත් අවිශ්වාස කරන්නන්ටත් පිළිකුල්ව සිටින්නන්ටත් මිනීමරන්නන්ටත් වේශ්‍යාකම්කරන්නන්ටත් මායාකාරයන්ටත් රූපවඳින්නන්ටත් සියලු බොරුකාරයන්ටත් ගින්නෙනුත් ගෙන්දගමිනුත් දැවෙන විලෙහි තමුන්ගේ කොටස වන්නේය; එය දෙවෙනි මරණයයයි මට කීසේක.


ඔහු මරුකතරේ රෝතෙම් ගහකට සමානවී, යහපත පැමිණෙන විට එය නොදැක, ලුණු භූමියක්ව තිබෙන්නාවූ, වැසියන් නැත්තාවූ කාන්තාරයේ වියළි තැන්වල වාසයකරනවා ඇත.


වැසියන්ගේ දුෂ්ටකම නිසා සාරවූ දේශය ලවණ කාන්තාරයක් කරනසේක.


අබිමෙලෙක් ඒ දවස මුළුල්ලෙහි නුවරට විරුද්ධව සටන්කොට නුවර අල්ලාගෙන එහි සිටි සෙනඟ මරා, නුවර බිඳහෙළා, එහි ලුණු වැපුරුවේය.


ගඟ ළඟ දෙපැත්තේම එහි අද්දර සියලු ආකාර ඵල-ගස් වැවෙන්නේය; ඒවායේ කොළ වේලෙන්නේවත් ඒවායේ ඵල වරන්නේවත් නැතුව, හැම මාසයේම අලුත් ඵල දරන්නේය, මක්නිසාද ඒවායේ වතුර ශුද්ධස්ථානයෙන්ම නික්ම එන්නේය. ඒවායේ ඵල ආහාර පිණිසත් ඒවායේ කොළ සුවකිරීම පිණිසත් වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්