Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 46:2 - Sinhala Revised Old Version

2 අධිපතියාද දොරටුවේ ශාලාවේ මාර්ගයෙන් පිටතින් ඇතුල්වී, දොරටුවේ කණුව ළඟ සිටින්නේය, පූජකයෝ ඔහුගේ දවන පූජාවද ඔහුගේ ශාන්ති පූජාවද පිළියෙළකරන්නෝය, ඔහු දොරටුවේ එළිපත්ත ළඟ නමස්කාරකොට පිටතටයන්නේය. නුමුත් සවස්වෙන තුරු දොරටුව නොවසා තිබිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 අධිපතියා ද පිටත දොරටුවේ ද්වාර මණ්ඩපයෙන් ඇතුළු වී දොරටුවේ කණුව ළඟ සිටින්නේ ය. පූජකයෝ ඔහුගේ දවන යාග පූජාව ද ඔහුගේ සහභාගිකමේ පූජාව ද පිළියෙළ කරන්නෝ ය. ඔහු දොරටුවේ එළිපත්ත ළඟ නමස්කාර කොට පිටතට යන්නේ ය. එහෙත්, සවස් වන තුරු දොරටුව නොවසා තිබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 අධිපතියා ද පිටත දොරටුවේ ද්වාර මණ්ඩපයෙන් ඇතුළු වී දොරටුවේ කණුව ළඟ සිටින්නේ ය. පූජකයෝ ඔහුගේ දවන යාග පූජාව ද ඔහුගේ සහභාගිකමේ පූජාව ද පිළියෙළ කරන්නෝ ය. ඔහු දොරටුවේ එළිපත්ත ළඟ නමස්කාර කොට පිටතට යන්නේ ය. එහෙත්, සවස් වන තුරු දොරටුව නොවසා තිබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 46:2
18 හුවමාරු යොමු  

අධිපතියාට නම් ඔහු අධිපතියා බැවින් එහි හිඳගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කෑම කන්ට ලැබෙනවා ඇත; ඔහු දොරටුවේ ශාලාවේ මාර්ගයෙන් ඇතුල්වෙනවා ඇත, ඒකේ මාර්ගයෙන්ම පිටතට යනවා ඇතැයි කීසේක.


අධිපතියා ඇතුල්වෙන කල ඔහු දොරටුවේ ශාලාවේ මාර්ගයෙන් ඇතුල්විය යුතුය, ඒ මාර්ගයෙන්ම පිටතට යායුතුය.


අපි නම් ක්‍රිස්තුස්වහන්සේ තුළ සියලු මනුෂ්‍යයන් සම්පූර්ණකොට ඔප්පුකරන පිණිස සියලු මනුෂ්‍යයන්ට දැනමුතුකම් දෙමින්ද සියලු මනුෂ්‍යයන්ට සියලු ආකාර ප්‍රඥාවෙන් උගන්වමින්ද උන්වහන්සේ ප්‍රකාශකරමුව.


උන්වහන්සේ මඳක් ඉස්සරහට ගොස් මුහුණින් වැටී: අහෝ මාගේ පියාණෙනි, මේ කුසලාන මා කෙරෙන් පහවෙන්ට පුළුවන් නම් එසේ වේවා. එසේවී නුමුත් මා කැමතිලෙස නොව ඔබ කැමති ලෙස වේවයි කියා යාච්ඤාකළසේක.


අධිපතියා ස්වෙච්ඡා දවන පූජාවක්වත් ස්වෙච්ඡා ශාන්ති පූජාවක්වත් ස්වාමීන්වහන්සේට පිළියෙළකරන්ට එන කල, නැගෙනහිරට තිබෙන දොර ඔහුට ඇරදිය යුතුය, ඔහු සබත් දවසේදී කරන ප්‍රකාරයට තමාගේ දවන පූජාවද ශාන්ති පූජාවද පිළියෙළකර පිටතට යන්නේය; ඔහු ගියායින් පසු දොරටුව වසනු ලබන්නේය.


පූජකයාද පාප පූජාවේ ලේ වලින් ස්වල්පයක් රැගෙන ගෘහයේ උළුවස්සේ කණුවලත් පූජාසනයේ පිළේ කොන් සතරෙත් ඇතුල් මළුවේ දොරටුවේ උළුවස්සේ කණුවලත් ගාන්නේය.


රජ ස්වකීය ස්ථානයෙහි සිට ඒ පොතෙහි ලියනලද ගිවිසුමේ වචන ඉෂ්ටකිරීමට, ස්වාමීන්වහන්සේ අනුවයන හැටියටත් උන්වහන්සේගේ ආඥාද ශික්ෂාද පනත්ද තමාගේ මුළු සිතින්ද තමාගේ මුළු ආත්මයෙන්ද පවත්වන හැටියටත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කෙළේය.


පූජාකර නිමවූ කල රජද ඔහු සමඟ සිටි සියල්ලෝද නැමී වැන්දෝය.


ඈ බැලූ විට ඇතුල්වෙන තැන රජ තමාගේ මංචකය උඩ සිටිනවා සහ රජු ළඟ අධිපතීන්ද නළාකාරයන්ද සිටිනවාත්, දේශයේ මුළු සෙනඟ ප්‍රීතිමත්ව හොරණෑ, පිඹිනවාත්, ගීකියන්නන්ද තූර්ය භාණ්ඩවලින් ගායනා කරන්නන්ද ප්‍රශංසා ගී කියනවාත් දැක ඇගේ ඇඳුම් ඉරාගෙන: ද්‍රෝහිකමය, ද්‍රෝහිකමයයි කීවාය.


මක්නිසාද සාලමොන් පස් රියනක් දිග ඇති, පස් රියනක් පළල ඇති, තුන් රියනක් උස ඇති පිත්තල මංචකයක් සාදා, මළුව මැද තබා තිබුණේය; ඔහු ඒක උඩ සිට මුළු ඉශ්‍රායෙල් සභාව ඉදිරියේ දණ නමා, අහස දෙසට තමාගේ අත් විදහාගන කියනුයේ:


එවිට දාවිත් රජ ඇතුළට ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හිඳ: දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ විසින් මෙපමණ දුරට මා ගෙනඊමට මම කවුද? මාගේ වංශය මොකක්ද?


මේ දක්වා මොව්හු ලෙවීගේ පුත්‍රයන්ගේ කඳවුරු උදෙසා නැගෙනහිරට තිබෙන රජුගේ දොරටුවේ දොරටුපාලයෝ වූහ.


ඔහුද පහළ දොරටුවේ ඉස්සරහ පැත්තේ සිට ඇතුල් මළුවේ ඉස්සරහ පැත්ත දක්වා පිටතින් පළල මැන්නේය, නැගෙනහිරටත් උතුරටත් රියන් සියයක් තිබුණේය.


දොරටුවේ ශාලාවේ එක පැත්තක මේස දෙකක්ද අනික් පැත්තෙහි මේස දෙකක්ද තිබුණේය; ඒවා තිබුණේ ඒ උඩ දවන පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද මරන පිණිසය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්