Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 45:8 - Sinhala Revised Old Version

8 දේශයෙහි ඒවා ඉශ්‍රායෙල්වරුන් අතරෙහි ඔහුට කොටසක් වන්නේය. එසේ මාගේ අධිපතීන් මාගේ සෙනඟට තවත් පීඩා නොකර, දේශය ඉශ්‍රායෙල් වංශයට ඔවුන්ගේ ගෝත්‍ර ප්‍රකාරයට දෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 දේශයෙහි ඉශ්රායෙල්වරුන් අතරෙහි එය ඔහුට කොටසක් වන්නේ ය. එසේ මාගේ අධිපතීන් මාගේ සෙනඟට තවත් පීඩා නොකර ඉශ්රායෙල් වංශයට ඔවුන්ගේ ගෝත්‍ර ප්‍රකාරයට දේශය දෙනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 දේශයෙහි ඉශ්රායෙල්වරුන් අතරෙහි එය ඔහුට කොටසක් වන්නේ ය. එසේ මාගේ අධිපතීන් මාගේ සෙනඟට තවත් පීඩා නොකර ඉශ්රායෙල් වංශයට ඔවුන්ගේ ගෝත්‍ර ප්‍රකාරයට දේශය දෙනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 45:8
18 හුවමාරු යොමු  

සෙනඟ ඔවුන්ගේ කොටස්වලින් අහක්කරන හැටියට අධිපතියා ඔවුන්ගේ උරුමයෙන් කිසිවක් නොගනීවා; මාගේ සෙනඟ තම තමුන්ගේ කොටස්වලින් පන්නාදමනු නොලබන පිණිස තමාගේම කොටසෙන් තමාගේම පුත්‍රයන්ට උරුමයෙන් දේවයි කීවේය.


එහි තුළ සිටින ඇගේ අධිපතීහු අයුතු ලාභ ලබාගන්නා පිණිස ලේ වැගිරවීමටත් ප්‍රාණ නැතිකිරීමටත් සිටින ගොදුර ඉරන්නාවූ වෘකයන්ට සමානය.


බලව, මා විසින් දාවිත්ට ධර්මිෂ්ඨවූ පැළෑටියක් නැගුටුවන දවස් පැමිණෙන්නේය, උන්වහන්සේ රජෙක්ව රජකම්කරමින් නුවණින් ක්‍රියාකොට, ධර්මිෂ්ඨකමත් යුක්තියත් දේශයෙහි ඉෂ්ටකරනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මෙසේ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී සියල්ල ලෙස යෝෂුවා මුළු දේශය අල්ලාගෙන, ඉශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර බෙදීම්වල හැටියට ඒක ඔවුන්ට උරුමයක් කොට දුන්නේය. එවිට යුද්ධය නැවතී දේශය නිශ්චලවිය.


ඉශ්‍රායෙල්ගෙන් ඉතිරි අය අයුතුකමක් නොකරන්නෝය, බොරු නොකියන්නෝය; වංචා දිවක් ඔවුන්ගේ මුඛවල සම්බ නොවන්නේය. මක්නිසාද ඔව්හු කිසිවෙකු විසින් භයගන්වනු නොලැබ, කෑම කා නිදාගන්නෝය.


ඌ ඔවුන්ගේ මාළිගා දැනගෙන, ඔවුන්ගේ නුවර නාස්තිකෙළේය; දේශයද එහි පූර්ණකමද උගේ නාදකිරීමේ ඝෝෂාවට පාළුවුණේය.


ඇගේ පැටවුන්ගෙන් ඈ ඇතිකළ එකෙක් තරුණ සිංහයෙක් වී, ගොදුරු අල්ලන්ට ඉගෙනගෙන, මනුෂ්‍යයන් කෑයේය.


නුමුත් නුඹේ ඇස් සහ නුඹේ සිතත් ලාභයද නිදොස් ලේ වැගිරවීමද පීඩාකිරීමද බලාත්කාරකිරීමද කෙරෙහි මිස වෙන යමක් කෙරෙහි පිහිටා නැත.


නුවණින් හීනවූ අධිපතියා දරුණු පීඩාකාරයෙක් වන්නේය; එහෙත් අයුතු ලාභයට ද්වේෂකරන්නා ආයුස වැඩිකරගන්නේය.


ධනවතුන් නුඹලාට පීඩාකරනවා නොවේද? නඩුශාලාවලට නුඹලා ඇදගන යනවා නොවේද?


මෙසේ උරුම පිණිස සීමා වශයෙන් දේශය බෙදාදී නිමකොට ඉශ්‍රායෙල් පුත්‍රයෝ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාට තමුන් අතරෙහි උරුමයක් දුන්නෝය.


ඉශ්‍රායෙල් අධිපතීන් නුඹ තුළ සිටියේ එක එකා තම තමාගේ බලය ලෙස ලේ වගුරුවන පිණිසය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්