Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 44:20 - Sinhala Revised Old Version

20 ඔව්හු තමුන්ගේ ඉස් බූගාන්නේවත් ඉසකේ දික්වීමට අරින්නේවත් නැතුව, තමුන්ගේ ඉසකේ කපත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 “ඔව්හු තමන්ගේ හිස බූගාන්නේ වත් ඉසකේ දික් වීමට අරින්නේ වත් නැති ව තමන්ගේ ඉසකේ කපත් වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 “ඔව්හු තමන්ගේ හිස බූගාන්නේ වත් ඉසකේ දික් වීමට අරින්නේ වත් නැති ව තමන්ගේ ඉසකේ කපත් වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 44:20
6 හුවමාරු යොමු  

පුරුෂයෙකුට දික්වූ හිසකේ තිබේ නම් ඒක ඔහුට අගෞරවයක් බව ස්වාභාවධර්මයෙන්ම නුඹලා ඉගෙනගන්නවා නොවේද?


නුඹලා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ දරුවෝය. මළ කෙනෙකු නිසා ශරීරය කපාගැනීමවත් නුඹලාගේ ඇස්බැම අතරේ බූගෑමවත් නොකරන්න.


ඔහු තමාගේ කැපව සිටීමේ භාරයේ සියලු දවස්වල ඔහුගේ හිසෙහි කිසි දැළි පිහියක් නොතිබිය යුතුය. ඔහු ස්වාමීන්වහන්සේට වෙන්ව සිටින දවස් සම්පූර්ණවන තෙක් ශුද්ධව සිටින්නේය, තමාගේ හිසකේ වැඩෙන්ට හරින්නේය.


ඔහු තමාගේ හිසකේ අවුරුද්දෙන් අවුරුද්ද කැපුවේය; ඒවා කැපුවේ ඔහුට බරව තිබුණ නිසාය. ඔහු හිසකේ කැපූ විට එය කිරා බැලුවේය, ඒවායේ බර රාජ පඩියෙන් ෂෙකෙල් දෙසියයක් විය.


තවද මනුෂ්‍ය පුත්‍රය, තියුණු කඩුවක් ගන්න, එය පනික්කියන්ගේ දැළිපිහියක් මෙන් හැරගෙන, නුඹේ හිසද නුඹේ රැවුලද එයින් බූගා, කිරන තරාදියක් රැගෙන ඒ කේශ බෙදන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්