Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 44:13 - Sinhala Revised Old Version

13 මට පූජකකම් කරමින් මාගේ සියලු ශුද්ධ දේවල් වන අතිශුද්ධ දේවලින් යමක් ළඟටවත් මා ළඟටවත් ඔවුන් නොපැමිණිය යුතුය. ඔවුන් තමුන්ගේ ලජ්ජාව සහ තමුන් කළ තමුන්ගේ පිළිකුල්කමුත් දරනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 මට පූජක සේවය කරමින් මාගේ සියලු ශුද්ධ දේවල් වන අතිශුද්ධ දේවලින් යමක් ළඟට වත්, මා ළඟට වත් ඔවුන් නොපැමිණිය යුතු ය. ඔවුන් තමන් කළ පිළිකුල් ක්‍රියාවල විපාකයක් වශයෙන් ලජ්ජාව දැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 මට පූජක සේවය කරමින් මාගේ සියලු ශුද්ධ දේවල් වන අතිශුද්ධ දේවලින් යමක් ළඟට වත්, මා ළඟට වත් ඔවුන් නොපැමිණිය යුතු ය. ඔවුන් තමන් කළ පිළිකුල් ක්‍රියාවල විපාකයක් වශයෙන් ලජ්ජාව දැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 44:13
8 හුවමාරු යොමු  

ඔව්හු නුඹටත් මුළු කූඩාරමටත් සේවයකරත්වා. ඔවුන්වත් නුඹලාවත් නොනසින පිණිස ඔව්හු ශුද්ධස්ථානයේ භාජනවලටවත් පූජාසනයටවත් ළංනොවෙත්වා.


එසේ වී නුමුත් උස් තැන්වල පූජකයෝ තමුන්ගේ සහෝදරයන් සමඟ මුහුන් නොදැමූ රොටි කෑවෝය, නුමුත් යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේගේ පූජාසනය ළඟට නාවෝය.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා අවට සිටින ජාතීන්ම තමුන්ගේ නින්දාව දරනවා ඇත කියා දිවිරීමට මමම මාගේ අත එසෙවුවෙමි.


කඩුවෙන් මැරුම්කන අය අතරෙහි ඔවුන් වැටෙනවා ඇත. ඈ කඩුවට භාරදී තිබේ. ඈ සහ ඇගේ සියලු සමූහයන් අහකට ඇදගන්න.


නුඹේ වැඩිමහල්වූද බාලවූද සහෝදරියන් නුඹ විසින් පිළිගන්න විට නුඹ නුඹේ මාර්ග සිහිකොට ලජ්ජාවන්නෙහිය. ඔවුන් දූවරුන් කොට නුඹට දෙන්නෙමි, නුමුත් එය නුඹේ ගිවිසුමකින් නොවේය.


මාගේ ගිවිසුම නුඹ සමඟ පිහිටුවන්නෙමි; එවිට මා ස්වාමීන්වහන්සේ බව නුඹ දැනගන්නෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


මා ජනයන් අතරෙන් ඔවුන් නැවත ගෙනැවිත්, ඔවුන්ගේ සතුරන්ගේ දේශවලින් ඔවුන් රැස්කොට, මා ශුද්ධ බව ඔවුන් කරණකොටගෙන බොහෝ ජාතීන් ඉදිරියෙහි පෙන්වනු ලැබුවාම,


අපේ ලජ්ජාවෙහි අපි වැටී ඉඳිමු, අපේ නින්දාවද අප වසාගනීවා. මක්නිසාද අපේ බාල වයසේ පටන් අද දවස දක්වා අපිද අපේ පියවරුද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවී, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්